ඔබ තවමත් iPhone 5 ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නම්, එහි email, web, සහ GPS ඇතුළු අනෙකුත් සේවාවන් රාශියක් භාවිතා කිරීමේ හැකියාව 2019 නොවැම්බර් මස 3 වැනි දින 12:00 AM වේලාවෙන් පසුව අක්‍රීය වී යනු ඇති බව Apple සමාගම පෙන්වා දෙනවා.

iOS වල ඇති දුර්වලතාවයක් නිසාවෙන් මෙම ගැටළුවට මුහුණදීමට සිදුවන නමුත් iOS 10.3.4 සංස්කරණයට ඔබගේ iPhone 5 ජංගම දුරකථනය update කරගැනීම මගින් මේ අවධානමින් ගැලවී සිටීමට ඔබට හැකියාව ලැබෙනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

දිනය සහ වේලාව මත GPS පහසුකම ඉතාමත් තදින් බැඳී තිබෙන බව ඔබ GPS පහසුකම ක්‍රියාත්මක වන ආකාරයි පිළිබඳව සොයා බැලුවහොත් වැටහෙනු ඇත.

සාමාන්‍යයෙන් මේ GPS device එකක් කාලය ගණනය කරනු ලබන්නේ සති ගණන අනුව වන අතර සති 1024ක් ඉකුත්වී ගිය පසු එය නැවතත් 0ට පැමිණෙනවා. මීට පෙර මේ ආකාරයෙන්ම Millennium, එහෙමත් නැතිනම් Y2K bug එක නමින් හැඳින්වූ දුර්වලතාවයක් මගින් ලොව පුරා devices රැසක් වේලාව පෙන්වීම අකර්මන්‍යය වූවා.

19xx ගණන් වලදී වර්ෂය store කරගැනීම සඳහා (91,92,93 ලෙස) bit දෙකක් පමණක් භාවිතා කර අවසාන ඉලක්කම් දෙක පමණක් store කරගැනීම නිසාවෙන් 1999න් පසුව මීළඟ වර්ෂය වන 2000 වර්ෂය 00 ලෙස පෙන්වීම මේ Y2K bug එක ලෙසින් හඳුන්වනු ලබනවා.

Y2K Bug එක

කොහොම වුණත් අලුතින් නිශ්පාදනය කරනු ලැබූ සෑම device එකක්ම පාහේ මේ ගැටළුවට පිළියමක් සමඟින් නිර්මාණය කිරීමට කටයුතු කර ඇතත් iPhone 5, iPhone 4S, iPad Retina, iPad Mini, iPad 2, iPad 3 යන devices සියල්ලම මේ ගැටළුවට මුහුණදීමට නියමිත බවත්, ඊට අදාල software update එක නොවැම්බර් 3 වැනි දිනට පෙර සිදු කරගත යුතු බවත් Apple සමාගම පෙන්වා දෙනවා.

November 3 වැනි දිනට පෙර මේ update එක සිදු කිරීමට නොහැකි වුවහොත්, තවදුරටත් iCloud, App Store, Email සහ web browsing වැනි GPS දත්ත හා නිවැරදි වේලාව මත පදනම් වන කිසිඳු සේවාවක් අදාල devices වල ක්‍රියාත්මක නොවනු ඇති අතර, over-the-air update, එනම් ජංගම දුරකථනයේ settings හරහා software update සිදු කිරීමේ හැකියාව ද අහිමි වී යනු ඇති.

Restore your iPhone, iPad, or iPod touch from a backup
Learn how to restore your device from a backup in iCloud or on your computer.

එසේ වුවහොත් පරිගණකයක් භාවිතා කර එම කටයුත්ත සිදු කරගත හැකි බව Apple සමාගම පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.