Google Pixel 3 XL එකේ concepts බල බල ඉඳලා ඇති වෙලා නේද? ඔන්න එහෙනම් ඇත්තම photos ටිකක් බලමු.

ඊයේ XDA එකේ senior member කෙනෙක් වෙන meraz9000 විසින් මේ Pixel 3 XL smartphone එකේ ඇත්තම photos ටිකක් නිකුත් කරලා තිබුණා. මේ device එක ඇත්තටම prototype එකක් කියලයි කියන්නේ. අපි concepts වල දැකපු විදිහටම notch එක, front facing camera 2 ක් සහ අනිකුත් sensors එයට ඇතුලත් වෙනවා.

Google-Pixel-3-XL-Leak-Photo-1-techie

ඒ වගේම වීදුරු වලින් නිර්මිත පිටුපසක් එහෙමත් නැත්නම් Glass back එකක් තමයි මේකට තියෙන්නේ. ඒ වගේම මේ device එකේ codename එක "crosshatch" ලෙසත් සඳහන් කරලා තියනවා.

Google-Pixel-3-XL-Leak-Photo-2-techie

Google-Pixel-3-XL-Leak-Photo-3-techie

ඒ වගේම මේ device එකේ spec එක දැනට දැනගන්න පුළුවන් විදිහට 4GB RAM එකක්, 128GB internal storage එකක් වෙනවා. මීට අමතරව Qualcomm Snapdragon 845 කියන SoC එකකිනුත් මේක සමන්විත වෙනවා.

ඉතින් මේ photos දැක්කම ඉදිරිපස notch එක සහ bezels හැරුණු විට Pixel 2 XL එකට අනෙක් සියළුම දේවල් වගේ සමාන වෙන බව ඔයාලටත් පේනවා ඇති.

Source: XDA