ඔන්න ආයෙත් සැරයක් Facebook එකේ bug එකක් නිසාවෙන් මිලියන 14ක පමණ Facebook භාවිතා කරන්නන් ගේ දත්ත ප්‍රසිද්ධ වෙලා තියනවා.

facebook-bug-data-leak-review-techie

අපි නිතරම Facebook posting එකක් කරන විට share කිරීමට අදාල default settings කලින්ම හදලා තියන නිසාවෙන් privacy settings ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ නේද? අන්න එතනින් තමයි මේ ප්‍රශ්ණය දුරදිග ගිහින් තියෙන්නේ.

මේ bug එක නිසා මේ users ලාගේ default settings කොයි විදිහට සකසලා තිබුණත් ඒවා මගහැර සියළුම posts වල sharing settings public ලෙස වෙනස් කිරීමට කටයුතු යෙදිලා තිබෙනවා. ඉතින් ඔයා හිතාගෙන ඉන්නවා මේ post කරන දේ පේන්නේ ඔයාගේ යාළුවන්ට එහෙමත් නැත්තම් වෙනත් කුඩා කණ්ඩායමකට පමණයි කියලා, නමුත් ඇත්තටම මේ දේවල් post වෙන්නේ public විදිහටයි.

මේ bug එක තිබිලා තියෙන්නේ පසුගිය මැයි මාසයේ 18 වනෙිදා සිට 27 වෙනිදා දක්වා කාලසීමාව තුලයි. ඒ වගේම මේ වෙනකොට ඒ bug එක fix කරන්නත් Facebook සමාගම කටයුතු කරලා තියනවා. මීට අමතරව මේකට සම්බන්ධ users ලා ට තමන්ගේ posts නැවත පරීක්ෂා කර බලන ලෙස notification එකක් මගින් මේ ගැන දැනුම් දෙන්නත් මොවුන් කටයුතු කරලා තියනවා.

facebook-bug-data-leak-techie

කොහොම වුණත් මේ bug එක හරහා ඔයා කලින් share කරන ලද private posts වලට කිසිඳු බලපෑමක් සිදුවෙන්නේ නැහැ. ඒ වගේම යමක් post කරන්න කලින් අවධානයෙන් ඒ ගැන බලනවා නම් මේ වගේ ගැටළු වලට මුහුණ දෙන්න සිදුවෙන්නේ නැහැ.