මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාවේ දුරකථන සේවා සපයන්නන් අතුරින් ඇපල් සමාගම නිළ වශයෙන් සහාය දැක්වූයේ Dialog Axiata සමාගම සමග පමණි. නමුත් දැන් ශ්‍රී ලංකාවේ Mobitel සේවා අත්විදින පාරිභෝගිකයන් හට සුභ ආරංචියක් රැගෙන එමින් ඇපල් සමාගම මින් සුළු මොහොතකට පෙර, අද මධ්‍යම රාත්‍රීයේ (ජූනි 8) සිට ශ්‍රී ලංකාව තුල Mobitel සමාගම සමගද සහාය දැක්වීම ආරම්භ කෙරුනා. ඒ Mobitel Carrier Bundle එක නිළ වශයෙන් මුදා හරිමින්.

Mobitel Sri Lanka

ඔබගේ ඇපල් දුරකථනයේ දැනටමත් මෙම Carrier Bundle එක update වී install වී තිබෙනු ඇති. එය සනාථ කරගැනීමට ඔබගේ දුරකථනයේ Settings > General > About වෙතට පිවිසී Carrier යටතේ ඇති නම සසදා බලන්න. එය "Mobitel 32.1" යනුවෙන් කියැවෙන්නේ නම් ඔබගේ දුරකථනය සාර්ථකව update වී ඇත. එසේ නොමැතිව එය "Carrier 32" වැනි අගයක් පවසන්නේ නම් තවමත් ඔබගේ දුරකථනයට මෙම Carrier Bundle එක download වී නොමැත.

Mobitel Carrier Bundle Installed


Mobitel Carrier Bundle එක ලබාගන්නේ කෙසේද?


ඔබගේ ඇපල් දුරකථනය ඔබගේ පරිඝණකට සම්බන්ද කර iTunes අධාරයෙන් මෙම Carrier Bundle එක update කරගත හැකි අතර යම් හෙයකින් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් මෙය පහත දැක්වෙන ලින්කුවෙන් බාගත හැක.

https://updates.cdn-apple.com/2018/carrierbundles/091-87321-20180608-E1F0AD4A-69C3-11E8-B4E8-CEE1FAF9855B/Mobitel_lk_iPhone.ipcc

ඉහත දක්වා ඇත්තේ "Mobitel 32.1" Carrier Bundle එකෙහි ලින්කුව වන අතර ඉදිරියට පැමිණිය හැකි අලුත් updates බාගත කිරීමට පහත ලින්කුව භාවිතා කරන්න.

http://ax.itunes.apple.com/WebObjects/MZStore.woa/wa/com.apple.jingle.appserver.client.MZITunesClientCheck/version

බාගත් Carrier Bundle පැකේජය දැන් ඔබට ඔබගේ ඇපල් දුරකථනයේ ස්ථාපනය කරගත හැක.


Mobitel Carrier Bundle එකෙහි ඇතුලත් වන දෑ


Contents of Mobitel Carrier Bundle

ඉහත දැක්වෙන්නේ එසේ බාගත කල Carrier Bundle එකෙහි ඇතුලාන්තයයි. එයට අනුව මෙමගින් දුරකථනයට බොහෝ දෑ එක්කරනු ලබයි. පාරිභෝගික සේවා වැනි වටිනාකියන ප්‍රයෝජනවත් Mobitel කෙටි දුරකථන අංක ද ඒ අතර වෙයි. මෙය දුරකථනයේ Settings තුලට පිවිසීමෙන් ද සනාථ කරගත හැක.

New Carrier Services Section

අලුතින් එක්වුනු "Carrier Services" නම් වූ කොටස ඉහතින් දැක්වේ.

Useful Dialing Numbers

එතුල ඇත්තේ පෙර කී වටිනා ප්‍රයෝජනවත් දුරකථන අංකයි. මෙමගින් පෙර පැවති "Mobitel LK" නමින් දිස්වූ Carrier Name එක "Mobitel" ලෙස සැකසේ. 4G පහසුකමට අදාල මෙවලම් ද Dialog Axiata Carrier Bundle එක මෙන් ස්වයංක්‍රීයව ලබා දෙන නමුත් iOS මෙහෙයුම් පද්ධතියටම ආවේනික වන ලෙසින් Visual Voicemail පහසුකමට අදාල මෙවලම් ඇතුලත් වන බවක් නම් පෙනී යන්නේ නැහැ.

මුලින්ම මේ පුවත ඔබ වෙත උණු උණුවේම රැගෙන ආවේ Techie - Tech News සිංහලෙන්.

තවත් මෙවැනි පුවත් රැසක් රැගෙන ඔබ හමුවට එන්නම්.