Raspberry Pi කියන්නේ සරළ IoT device එකක සිට server පරිගණකයක් හෝ රොබෝ තාක්ෂණය දක්වා වැඩිදියුණු කළ හැකි, මේ වන විට ලොව පුරා ඉතාමත් ජනප්‍රියත්වයට පත් වෙලා තියන electronic උපාංගයක් බවට පත් වෙලා තියනවා.

මුල් කාලයේ සිටම ඔවුන්ගේ විශේෂත්වය වුණේ මිලෙන් අඩු device එකක් වෙළඳපොලට නිකුත් කිරීම වන අතර මේ වන විට නිකුත් වී ඇති ඔවුන්ගේ හොඳම මාදිලිය වන Raspberry Pi 3 B+ එකට වඩා අඩු මිලකට අලුත් device එකක් හඳුන්වා දීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

මේ අලුත් මාදිලිය ඇමෙරිකානු ඩොලර් 25ක් ලෙස මිල නියම කර ඇති අතර මෙය හඳුන්වනු ලබන්නේ Raspberry Pi 3 Model A+ ලෙසයි. මොවුන්ගේ high-end model එක වන Model B+ එක සතු quad core 1.5Ghz Broadcom processor එක, Bluetooth 4.2 module එක සහ Wi-Fi module එක මේ මිළ අඩු අලුත් මාදිලියටත් එකතු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් මේ අලුත් මාදිලියෙහි Ethernet port එකක් නොමැති අතර කලින් සඳහන් කළ මාදිලිය සතු වූ 1GB RAM එක වෙනුවට මෙහි 512MB RAM එකක් තමයි අන්තර්ගත වෙන්නේ.

ඒ වගේම USB port 4ක් වෙනුවට එක USB 2.0 port එකක් පමණක් මෙයට ඇතුලත් වන අතර මෙය 2014 දී නිකුත් කළ A+ මාදිලියට වඩා ඉතාමත් ඉදිරියෙන් සිටින්නේ කලින් නිකුත් කළ A+ මාදිලියෙහි Ethernet port එහ සහ Wi-Fi module එක යන connectivity methods දෙකම ඉවත් කර තිබූ නිසාවෙනි.

කොහොම වුණත්, මේ මාදිලිය ඔවුන්ගේ මිළෙන් අඩුම මාදිලිය නම් නෙවෙයි. Raspberry Pi Zero එක ඇමෙරිකානු ඩොලර් 5ක මිලක් වාර්ථා කරමින් තවමත් ඔවුන්ගේ මිලෙන් අඩුම Raspberry Pi device එක ලෙස කිරුළු දරා සිටිනවා.

ඒ වුණත්, processing power එක ගැන සළකා බැලූ විට ඩොලර් 10ක මිල අඩුකිරීමක් වුණත් ඉතාමත් වැදගත් වෙන්නේ මේවා භාවිතා කරන පිරිස බොහෝ වෙලාවට ශිෂ්‍යයන් වැනි අය වන නිසාවෙනි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Raspberry Pi වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.