Facebook Messenger එකට unsend පහසුකම එකතු කිරීමට නියමිත බවත්, මේ පහසුකම හරහා යැවූ පණිවිඩයක් පළමු මිනිත්තු 10 ඇතුලත මකා දැමීමට හැකියාව ලැබීමට නියමිත බවත් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, මේ පහසුකම නිළ වශයෙන් iOS මත Messenger භාවිතා කරන්නන් හට ලබා දීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා. කොහොම නමුත් Poland, Bolivia, Colombia සහ Lithuania යන රටවල් වලට මෙය මූලිකව නිකුත් කර ඇති අතර ඉතාමත් ඉක්මණින් ලොව පුරා වෙසෙන Messenger පරිශීලකයන් හට මෙම පහසුකම ලබා දීමට කටයුතු කරන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

අපි කලින් වාර්ථා කළ ආකාරයටම, පණිවිඩයක් send කළ පුද්ගලයෙකු හට එය මකා දැමීමට මිනිත්තු 10ක් ලැබෙන අතර, ඒ හරහා අදාල පණිවිඩය සියළුදෙනාගේ ම Inbox සහ Sent folders වලින් ඉවත් වුවත්, ටික කාළයක් ගත වන තුරු එය Facebook servers වලින් මකා නොදැමීමටත් ඔවුන් කටයුතු කරනවා.

මෙලෙස එය රඳවා තබා ගැනීමට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ අනවශ්‍යය ආකාරයේ messages යවා අනෙකුත් පුද්ගලයන් අපහසුතාවයට පත් කර, එය report කිරීමට පෙර මකා දැමීමට කටයුතු කරාවි යැයි ඔවුන් සිතන බැවින් වන අතර අදාල පණිවිඩය Facebook නීති වලට පටහැණි ද නැද්ද යන්න විමසා බැලීම සඳහා මෙසේ රඳවා තබා ගන්නවා.

මේ පහසුකම භාවිතා කිරීම සඳහා delete කිරීමට අවශ්‍ය message එක long press කළවිට ලැබෙන options වලින් 'Remove for everyone','Remove for you' යනුවෙන් එක option එකක් තෝරාගත හැක.

මෙලෙස මකා දැමීමෙන් අනතුරුව, සාමාන්‍යයෙන් WhatsApp වැනි අනෙකුත් apps වලදී මෙන්ම "You removed a message" යනුවෙන් notification එකක් සියල්ලන්ටම දිස් වෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.