Facebook සමාගමේ සේවය කරනු ලබන සියළුම විධායක නිළධාරීන් Android Phone පමණක් භාවිතා කළ යුතු බවට ප්‍රධාන විධායක නිළධාරියා වන Mark Zuckerberg විසින් නියෝග කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

මෙයට ප්‍රධානතම හේතුව ලෙස වාර්ථා වෙන්නේ Apple සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වන Tim Cook විසින් MSNBC interview එක අතරතුරදී Facebook ආයතනය පිළිබඳව විවේචනය කිරීම වන අතර පසුගිය කාලසීමාව තුලදී සිදු වූ Cambridge Analytica සිදුවීම වටා මෙම විවේචනය බැඳී පවතිනවා.

තම සමාගමේ සේවකයන්ට සහ විධායක නිළධාරීන් හට Android භාවිතා කි‍රීමට පොළඹවන්නට කටයුතු කරනු ලබන්නේ ඉහත සඳහන් කළ හේතුව නිසා බවත්, එය ලොව ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය නිසා බව Facebook සමාගම විසින් New York Times වෙබ් අඩවියට පවසා තිබෙනවා.

විශේෂයෙන්ම apps නිර්මාණය කරන විට සේවකයින් බොහෝ දෙනෙකු iPhone භාවිතා කරන්නේ නම් එය එම apps වලින් ලබා දෙන user experience එකට බළපාන බවත්, Snap ආයතනය විසින් ද තම සේවකයින් Android භාවිතයට යොමු කරනු ලබන බවත් මේ වන විට වාර්ථා වෙනවා.

කොහොම වුණත් Facebook සමාගමේ ප්‍රධාන නිළධාරීන් කිහිපදෙනෙකුගේ Twitter ගිණුම් පරීක්ෂා කර බැලූ The Verge වෙබ් අඩවියට දකින්නට ලැබී තිබුණේ තවමත් බොහෝ දෙනෙක් තම පෞද්ගලික ජීවිතයේදී iPhone භාවිතා කරනු ලබන බවයි.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා 9to5Mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.