Qualcomm සමාගමේ Snapdragon chipset මාලාව ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම් වන අතර සෑම flagship smartphone එකකම පාහේ දකින්නට ලැබෙන්නේ Qualcomm chipset වීමත් විශේෂත්වයක් වෙනවා.

කොහොම නමුත් මේ වන විට වාර්ථා වෙන පරිදි Qualcomm සමාගමේ මීළඟ flagship chipset එක වන Snapdragon 865 chipset එක නිෂ්පාදනය කිරීම සඳහා Samsung Electronics සමාගම තෝරාගෙන තිබෙනවා.

මේ වන විට වෙළඳපොලෙහි තිබෙන Snapdragon 855 chipset එක නිෂ්පාදනය කරනු ලබන්නේ Taiwanese Semiconductor manufacturing company (TSMC) විසින් වන අතර මොවුන් සතු වන 7-nm process එකට වඩා වැඩියෙන් Samsung සමාගමේ 7nm ultra-violet (EUV) process එක තාක්ෂණයෙන් ඉතාමත් ඉහළින් සිටින බවත්, ඒ නිසාවෙන් මොවුන්ගේ මීළඟ chipset එක නිෂ්පාදනය කිරීම Samsung සමාගමට ලබා දෙන බවත් දැනගන්නට ලැබෙනවා.

Samsung සමාගමට මේ වන විට ඔවුන්ගේම Exynos නම් වූ තවත් chipset මාලාවක් ඇති අතර බොහෝමයක් Samsung Galaxy smartphone වල මේ chipset එක දැකගතහැකි වෙනවා.

මේ ගිවිසුම පිළිබඳව වන කටයුතු මේ වන විට අවසන් අදියරෙහි පවතින අතර ලබන වසරේ පෙබරවාරි මාසය වන විට Snapdragon 865 chipset එකේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා SamMobile වෙබ් අඩවිය හා GizmoChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.