Google සමාගම විසින් ඊයේ දිනයේ ඔවුන්ගේ නිළ Android Blog එක හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වසරේ අවසානයේ සිට 32 bit processor සහිත පරිගණක වලට Android Studio මෘදුකාංගයට සහයෝගය ලබා දීම නතර කරන බවයි.

විශේෂයෙන්ම ඔබ 32 bit Windows මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනවා නම් Android Studio IDE 3.6 සංස්කරණය 2019 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට භාවිතයෙන් ඉවත් කිරීමට යොමු කෙරෙනු ලබන අතර, 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට එයට සහාය ලබා දීම සම්පූර්ණයෙන්ම නවත්වා දැමෙනවා.

එමෙන්ම Android Emulator 28.0.25 සංස්කරණය 2019 වර්ෂයේ ජුනි මස 30 වැනි දින සිට අත්හැර දැමීමට යොමු කෙරෙනු ඇති අතර 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට එයට ද සහාය ලබා දීම සම්පූර්ණයෙන්ම නවත්වා දැමෙනවා.

කොහොම නමුත්‍ මේ හරහා පැරණි සංස්කරණ හෝ දැනට ඔබ භාවිතා කරනු ලබන Android Studio සංස්කරණය තවදුරටත් භාවිතා කිරීමේ හැකියාව අහිමි වන්නේ නැති අතර, අලුතින් පැමිණෙන updates නොලැබී යාම පමණක් සිදු වනු ඇති බව Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එමෙන්ම අලුතින් හඳුන්වා දෙන updates ලබාගැනීමටත්, performance improvements වල වාසිය ලබා ගැනීමටත් 64-bit environment එකක් භාවිතා කිරීමට උනන්දු වන ලෙස Google සමාගම විසින් තම පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය හා නිළ Android Developers Blog එක භාවිතා කළ හැක.