යුරෝපය පුරා පැවති මෙහෙයුම් වලදී රුසියාව විසින් ඇමෙරිකානු හමුදාවේ GPS Signal අවහිර කිරීම නිසාවෙන් ඇමෙරිකානු හමුදා කාණ්ඩ වලට ඔවුන්ගේ ඇතැම් මෙහෙයුම් සිදු කිරීමේදී ඉතාමත් අපහසුතාවන්ට මුහුණදීමට සිදුව තිබෙනවා.

විශේෂයෙන්ම ඩ්‍රෝන යානා හා මිසයිල පද්ධති වල guidance system මෙන්ම ක්‍රියාන්විතයකදී ඔවුන්ගේ බළ ඇණි වල ගමනාගමනය පිළිබඳව කටයුතු වලදීත් GPS තාක්ෂණය භාවිතා කරන අතර GPS signal jam කිරීම, එහෙමත් නැතිනම් අවහිර කිරීම ඉතාමත් අවධානම් සහගත තත්ත්වයක් වෙනවා.

පසුගිය වසරේ NATO සහ US හමුදාවන්ගේ එකතුවෙන් විවිධ බළඇණි එකතු වී යම්කිසි මෙහෙයුමක් සිදු කරන විට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව Norway වලදී Trident Juncture නම් වූ පුහුණුවක් සිදු කිරීමට කටයුතු කර තිබුණා.

මේ පුහුණුව අතරතුරදී රුසියාව විසින් ඔවුන්ගේ GPS Signal jam කරන බව Finland සහ Norway නියෝජිතයන් විසින් වාර්ථා කර තිබුණු අතර ඇමෙරිකානු හමුදාව විසින් සිරියාවේ මෙහෙයුම් කටයුතු සිදු කරන විට ඔවුන්ගේ GSP signal ද මේ ආකාරයෙන් රුසියාව විසින් අවහිර කරනු ලැබූ බව ඔවුන් ද වාර්ථා කර තිබුණා.

මේ අනුව රුසියානු හමුදාවන්ට අවහිර කළ නොහැකි ආකාරයේ GPS තාක්ෂණයක් නිර්මාණය කිරීමට කටයුතු යෙදුණු අතර මේ සැප්තැම්බර් මාසයේ සිට මෙහි අත්හදාබැලීමේ කටයුතු සිදු කිරීමටත් පරීක්ෂා කිරීමේදී හමු වන දුර්වලතා විසඳීමටත් කටයුතු කරනු ලබන බව ඇමෙරිකානු හමුදාව ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Business Insider වෙබ් අඩවිය භාවිතා කළ හැක.