මේ වසරේ අග එළිදැක්වීමට නියමිත Qualcomm සමාගමේ අලුත්ම chipset එක මේ වන විට ඉතාමත් ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා.

මේ වන විට වෙළඳපොලේ පවතින් ඔවුන්ගේ flagship mobile chipset එක ලෙස සැළකෙන්නේ Snapdragon 845 chipset එක වන අතර මේ අලුත් chipset එක Snapdragon 855 යනුවෙන් හැඳින්වීම වෙනුවට Snapdragon 8150 යනුවෙන් හැඳින්වීමට නියමිත බව දැනගන්නට ලැබෙනවා.

කොහොම වුණත් මේ අලුත් SoC එක නිළ වශයෙන් එළිදක්වන්නටත් කලින්ම, අපි කවුරුත් දන්න AnTuTu Benchmark හරහා කරනු ලැබූ පරීක්ෂා කිරීමකදී ලකුණු 362,292ක් වාර්ථා කර වෙළඳපොලේ ඇති අනෙකුත් සියළුම ‍Android Phone වල ඇති chipset වලට වඩා performance අතින් ඉහළ වාර්ථාවක් තැබීමට සමත් වී තිබෙනවා.

මේ අනුව AnTuTu Benchmark හරහා ලකුණු 360,000 ඉක්මවූ ප්‍රථම Android Platform එක ලෙස මේ අලුත් Qualcomm Snapdragon 8150 chipset එක ඉතිහාසයට එකතු වෙනවා.

Snapdragon 8150 SoC එක 2.8GHz ප්‍රමාණයේ විශාල performance core එකකින් ද, 2.4GHz ප්‍රමාණයේ medium cores 3 කින් සහ 1.78GHz power efficient cores හතරකින් ද සමන්විත වන අතර මෙය නිෂ්පාදනය කිරීමේදී TSMC එක විසින් අලුතින්ම හඳුන්වා දුන් 7nm process එක භාවිතා කරනු ලබන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ අලුත් chipset එක දෙසැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත අතර ලබන වසරේ නිෂ්පාදනය කරන devices වලට මෙය භාවිතා කරනු ඇති බවත්, මේ chipset එක සහිත මුල්ම device එක Meizu සමාගම විසින් නිකුත් කෙරෙනු ඇති බවත් අනුමාන කරනවා.

Updated: 19/11/2018
මේ අනුව Apple සමාගමේ A12 Bionic chipset එකේ වාර්ථා වී ඇති උපරිම ලකුණු සංඛ්‍යාව වන 352,405 ද අභිබවා යාමට මේ අලුත් Snapdragon 8150 chipset එකට හැකියාව ලැබී තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Gizmo China වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා MS Power User වෙබ් අඩවිය භාවිතා කළ හැක.