ගොඩක් වෙලාවට YouTube හරහා අපිට මේ වෙනකල් බළන්න අවස්ථාව ලැබුණේ movies වල trailers විතරයි. නමුත් ඔන්න දැන්, YouTube හරහා නොමිලයේම movies බළන්න පුළුවන් විදිහක් එළිදක්වන්න ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අනුව “The Terminator” වැනි පැරණි චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක් නොමිලයේ නැරඹීමේ හැකියාව ලබාදෙන නමුත් මේ චිත්‍රපට නරඹන අතරතුර වෙළඳ දැන්වීම් පෙන්වීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නිළ නිවේදනයක් නොකරම, Google සමාගම විසින් මේ පහසුකම "Free to watch" යනුවෙන් නව category එකක් ආරම්භ කර ඒ හරහා ලබා දීමට කටයුතු කර ඇති බව AdAge වෙබ් අඩවිය ප්‍රකාශ කරනවා.

YouTube සමාගමේ අධීක්ෂකවරයෙකු වන Rohit Dhawan විසින් AdAge වෙබ් අඩවියට පවසා තිබෙන ආකාරයට මේ හරහා වෙළඳදැන්වීම් පළකරන්නන් හට මේ movies සඳහා sponsor කිරීමට අවස්ථාව ලබා දීමට ඔවුන් කටයුතු කරනු ලබන බවත්, දැනට movies 100ක් පමණ මෙයට ඇතුලත් කර ඇති බවත්, ඉදිරියේදී මේ ප්‍රමාණය වැඩි කිරීමට ඔවුන් කටයුතු කරනු ලබන බවත් දැනගන්නට ලැබෙනවා.

බොහෝ වෙලාවට ලොව පුරා බොහෝ දෙනෙක් Smart TV හරහා විවිධ සේවාවන් භාවිතා කරනු ලබන නිසා, මේ නොමිලයේ ලබාදෙන වෙළඳදැන්වීම් සහිත චිත්‍රපට නැරඹීම කෙරෙහි වැඩි දෙනාගේ අවධානය යොමු වනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා AdAge වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.