පසුගිය මාසයේ පැවති Apple Special event එක අතරතුරදී ඔවුන්ගේ අලුත්ම iPad Pro එක එළිදක්වන්නට Apple සමාගම කටයුතු කළා මතක ඇති.

එමෙන්ම මේ අලුත් iPad Pro එක ඔවුන්ගේ තුනීම iPad එක බව ඔවුන් පෙන්වා දුන් නමුත් මේ වන විට ඒ තුනී බව ඉතාමත් භයානක ඉරණමක් මේ iPad එකට අත් කර දෙන බව දැනගන්නට ලැබෙනවා.

ප්‍රසිද්ධ YouTube Channel එකක් වන JerryRigEverything හි පළ කර ඇති video එකක් හරහා මේ අලුත් iPad Pro එක ඉතාමත් පහසුවෙන් නැවීමට ලක්වීමක් හරහා විනාශ වී යා හැකි බව ඔහු පෙන්වා දෙනවා.

මීට අමතරව backpack එකක් භාවිතා කර මේ අලුත් iPad එකක් රැගෙන යාමේදී නැවීමට ලක් වූ පුවත් කිහිපයක් ද, සමහර පුද්ගලයන් සඳහා iPad Pro එක unbox කරන විටම මේ ආකාරයෙන් නැවීමකට ලක් වී තිබූ බව මේ වන විට වාර්ථා වෙනවා.

කොහොම වුණත්, tablet පරිගණක වල වැඩි surface area එකක් සහ තුනී බව නිසා එය ස්වභාවයෙන්ම නැවෙනසුළු device එකක් බවට පත් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට හොඳ iPad case එකක් මිළදී ගැනීමෙන් මේ අවධානම අඩු කරගන්න හැකියාව තිබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, BGR වෙබ් අඩවිය හා නිළ Mac Rumors forum එක භාවිතා කළ හැක.