Qualcomm සමාගමේ Snapdragon chipset මාලාව මේ වන විට ජංගම දුරකථන ලොව තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර, එහි flagship chipset seris එකේ, එනම් Snapdragon 800 series එකේ නිෂ්පාදන කටයුතු Samsung සමාගම විසින් සිදු කරනු ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Snapdragon 875 chipset නිෂ්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම සිදු කිරීමට Samsung සමාගම විසින් අවස්ථාව ලබා ගනියි
Qualcomm සමාගමේ මීළඟ flagship chipset එක වන Qualcomm Snapdragon 875 පිළිබඳව මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති අතර එය මෙම වසරේ දෙසැම්බරයේදී නිකුත් වනුඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා. මේ වනතෙක් Snapdragon chipset බොහෝමයක් නිෂ්පාදනය කරනු ලැබුවේ තායිවානයේ TSMC සමාගමවිසින් වන අතර මෙ…

ඔන්න දැන්, Qualcomm සමාගම විසින් මෙහි අලුත්ම මාදිලිය වන Snapdragon 875 chipset එක මීළඟ දෙසැම්බර් පළමුවැනි දින, සුපුරුදු පරිදි Hawaii දූපතේදී එළිදැක්වීමට සූදානමින් සිටින බව නිවේදනය කර තිබෙනවා.

ඔවුන්ගේ නිළ Weibo profile එක හරහා මෙම නිවේදනය සිදු කිරීමට කටයුතු කර තිබුණු අතර, Xiaomi සමාගමේ ප්‍රධානියා වන Lu Weibing මහතා විසින් ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම chipset එක මගින් බළගැන්වෙන පළමුවැනි ජංගම දුරකථන අතරට Xiaomi සමාගමේ ජංගම දුරකථනයක් ද ඇතුලත් වනු ඇති බවයි.

මෙම event එක අතරතුරදී Qualcomm සමාගමේ upper mid-range chipset එකක් වන Snapdragon 776G chipset එකද එළිදැක්වනු ඇති බව අනුමාන කෙරෙන අතර, මෙම chips 5nm process එක හරහා නිෂ්පාදනය කරනු ඇති බවත්, Snapdragon 875 chipset එක ARM ආයතනයේ අලුත් architecture එක වන Cortex-X1 CPU architecture එක භාවිතා වනු ඇති බව ද අනුමාන කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gadget 365 වෙබ් අඩවිය භාවිතා කළ හැක.