මේ වන විට PUBG සහ Fortnite කියන mobile games ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වෙලා තිබෙන බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.

ඉතින් ඔන්න දැන් ඒ අතරට අපි කවුරුත් දන්න, ඒ වගේම ඉතාමත් ආස කරන game එකක් වන Call of Duty game එක එකතු වෙලා තිබෙනවා.

Call of Duty ගැන අපි හැමෝම දන්න නිසා ඒ ගැන වැඩි දෙයක් කතා කරන්න අවශ්‍යය නැහැ. කොහොම නමුත් මේ Mobile version එක නිර්මාණය කිරීම සඳහා Activision සමාගම Tencent Games ආයතනය සමඟ එකතු වී කටයුතු කර තිබෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ.

මේ අලුත් game එක Call of Duty: Legends of War යන නමින් හැඳින්වෙන අතර මෙහි Multiplayer සහ Zombie යනුවෙන් Modes දෙකක් මේ වන විට දැකගන්නට ලැබෙනවා.

මෙහි Multiplayer mode එක යටතේ සාමාන්‍යයෙන් අපි play කරනු ලබන Free4All, Search & Destroy, Team Deathmatch සහ Frontline වැනි game types යටතේ play කිරීමට හැකියාව තිබෙන බවත් වාර්ථා වෙනවා.

එමෙන්ම සාමාන්‍යය Call of Duty game වල දකින්නට ලැබෙන (කැප්ටන් John Price, ලුතිනන් Simon "Ghost" Riley ආදී) චරිත වලින්ම මේ game එක play කිරීමට අපට අවස්ථාව ලැබෙන අතර අදාල character එක සහ ආයුධ customize කරගැනීමටත් අවස්ථාව ලැබෙනවා.

එමෙන්ම මේ වන විට Nuketown, Killhouse, Hijacked, Crossfire, Standoff සහ Crash කියන maps මේ Call of Duty Mobile game එකට අන්තර්ගත කරන්නට මොවුන් කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් තවමත් මේ game එක නිළ වශයෙන් නිකුත් කර තිබෙන්නේ ඔස්ට්‍රේලියාවට පමණක් වන නමුත්, මෙහි apk file එක සහ අදාල OBB file එක download කරගැනීමෙන් මෙය අත්හදා බළන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.

Update: 01:48 AM - 15/12/2018
මේ වන විට දැනගන්නට ලැබෙන පරිදි Game එකට ඇතුලු වීමේදී නිර්මාණය කළ යුතු account එක, නිර්මාණය කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මෙම ප්‍රවෘත්තිය පැතිර යාමත් සමඟ ලොව පුරා බොහෝ දෙනා මේ game එක play කිරීමට උත්සාහ දැරීම නිසාවෙන් beta testing සඳහා සකස් කර තිබෙන game server එක overload වීම බව බොහෝ දෙනා ප්‍රකාශ කරනු ලබනවා.

කොහොම වුණත්, කිහිප වාරයක් නොනවත්වා උත්සාහ කිරීමෙන් අනතුරුව අදාල account එක නිර්මාණය කරගතහැකි බවට ද වාර්ථාවන් දැකගත හැකි වෙනවා.

මේ හේතුව නිසාවෙන් පහත ක්‍රමය යටතේ game එක play කිරීමට උත්සාහ කිරීම පල රහිත විය හැකි බව කරුණාවෙන් සළකන්න.
Call of Duty: Legends of War
APK file - Download (66 MB)
OBB file - Download | Alternative Link (1 GB)

ඉහත සඳහන් files දෙක ඔයාගේ ජංගම දුරකථනයට download කරගෙන, apk file එක install කරගන්න. ඉන් පසුව game එක open කර, loading screen එකට පැමිණි පසු එයින් ඉවත් වී, Settings -> Apps හරහා ගිහින් මේ app එක Force Close කරන්න.

ඉන් පසුව File Explorer app එකක් හරහා OBB file එක,

/Android/obb/com.activision.callofduty.shooter

යන path (folder) එකට extract කරගැනීමෙන් අනතුරුව සාමාන්‍යය පරිදි game එක play කිරීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

(extract කිරීමෙන් අනතුරුව main.156.com.activision.callofduty.shooter.obb කියන file එක com.activision.callofduty.shooter කියන folder එක තුල ඇත්දැයි සැළකිලිමත් වෙන්න.)

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා මීට අදාල Reddit thread එක හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.