5G තාක්ෂණය සහ ඒ ආශ්‍රිත උපාංග ගැන මෙම වසරේදි වැඩි කතාබහක් ඇති වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති.

ශ්‍රී ලංකාවේදී මෙය තවම අත්දැකිය නොහැකි වුවත් Mobitel ආයතනය හා Okla ආයතනයේ එකමුතුවෙන් ඒ සම්බන්ධ මූලික පරික්ෂණයක් පසුගියදා ශ්‍රී ලංකාවේදි සිදුවුනා.

ජාත්‍යන්තරව ගත්කල ඇමෙරිකාව, එක්සත් රාජධානිය කටාර් වැනි රටවල් වල ඇතැම් ප්‍රදේශ වල පමණක් 5G ආවරණය ඇති බව අන්තර්ජාලය තුළ සඳහන් වන නමුත් 5G සඳහා ප්‍රවේශය තිබුනත් ඒ සඳහා සහය දක්වන උපාංග තවමත් ඇත්තේ සීමිත ප්‍රමාණයකි.

දැනට 5G තාක්ෂණය සහිත සෑම ජංගම දුරකථනයක්ම පාහේ flagship ජංගම දුරකථන වන අතර ඒ නිසාම ඒවායේ මිළ ගණන් ඉතා ඉහළ මට්ටමක තිබෙනවා.

එමෙන්ම මේ වන තුරු mid-range ජංගම දුරකථන වලට මේ 5G තාක්ෂණය එකතු නොවීමට ප්‍රධාන හේතුව ලෙස Qualcomm සමාගම විසින් mid-range ජංගම දුරකථන වෙනුවෙන් නිෂ්පාදනය කරන chipset වල තවමත් මේ 5G පහසුකම අන්තර්ගත නොවීම පෙන්වා දිය හැකි වෙනවා.

කොහොම නමුත් ලබන වසර වන විට Qualcomm සමාගමේ Snapdragon 6 සහ Snapdragon 7 chipset series දෙක වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට නියමිත chipset සඳහා 5G modem අන්තර්ගත කිරීමට Qualcomm සමාගම සූදානම් වන බව මේ වන විට වාර්ථා වෙනවා.

Qualcomm Accelerates 5G Commercialization at Scale with Multiple Tiers of Snapdragon 5G Platforms Launching in 2020 | Qualcomm
At IFA 2019, Qualcomm Technologies, Inc., a subsidiary of Qualcomm Incorporated, announced their plans to accelerate 5G global commercialization at scale by expanding its portfolio of 5G mobile platforms across the Snapdragon 8 Series, 7 Series and 6

ලොව ප්‍රමුඛ Mid Range ජංගම දුරකතන නිශ්පාදකයන් වන Oppo, Realme,Vivo, HMD, Xiaomi වැනි ආයතන Snapdragon 7 Chip set එක සමඟ සිය මීළඟ Mid Range දුරකතන නිකුත් කිරීමට සූදානමින් සිටින අතර මේ අනුව ඉදිරියේදී වෙළඳපොලට නිකුත් වන mid-range ජංගම දුරකථන සියල්ලකම පාහේ මේ 5G පහසුකම අන්තර්ගත වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Qualcomm වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.