Microsoft සමාගම විසින් දිනපතා අලුත් wallpapers ලබාදෙන app එකක් Android පරිශීලකයින් හට නිකුත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවා.

මෙය Bing Wallpapers නමින් හැඳින්වෙන අතර ලොව පුරා ඇති විවිධ දර්ශන වල photos විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන මෙයට සෑම දිනයකදීම අලුත් wallpapers එකතු කිරීමට ද Microsoft සමාගම කටයුතු කරනු ලබනවා.

මේ app එක භාවිතා කරමින් තමන්ගේ ජංගම දුරකනයට අලුත් wallpapers ලබාගත හැකි අතර අවශ්‍යය නම් wallpaper එක දිනපතා automatically වෙනස් වන ලෙස සකස් කිරීමේ පහසුකම ද මෙයට ඇතුලත් වෙනවා.

මීට අමතරව මේ සෑම wallpaper එකකම පාහේ අන්තර්ගත වන දේවල් පිළිබඳව තොරතුරු ඇතුලත් කිරීමට ද Microsoft සමාගම කටයුතු කර ඇති බැවින්, තමන් දකින දේ පිළිබඳව දිනපතා අලුත් දෙයක් දැනුමට එකතු කරගැනීමේ හැකියාව ද ලැබෙනවා.

මේ app එක Google Play Store එක හරහා නොමිලයේ ලබාගත හැකි අතර ads හෝ in-app purchases හෝ වෙනත් කිසිඳු ආකාරයේ මිලදීගැනීමක් කළ යුතු යමක් අන්තර්ගත වන්නේ නැහැ.

Bing Wallpapers - Apps on Google Play
Bing Wallpapers features a collection of beautiful images featured on the Bing homepage over the last 10 years. Browse images, learn where they’re from, and set them as your mobile wallpaper. Each image tells a storyDiscover details on what makes each image special, including info on the location,…

ඇතැම් Android පරිශීලකයින් හට Google Play හි මෙම App එක නොපෙන්වන බව වාර්තා වන අතර මේ සඳහා Bing Wallpapers හි APK File එක APK Mirror හරහාද Download කර ගැනිමේ හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Androidauthority වෙබ් අඩවිය සහ xda-developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.