Facebook සමාගම විසින් ඔවුන්ගේ Messenger app එකට unsend පහසුකම එකතු කිරීමට සැරසෙන බව මීට කලින් අප ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් මේ පහසුකම පිළිබඳව තවත් විස්තරයක් ඔවුන්ගේ නිළ iOS app එකෙහි release note එක හරහා පළ කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

Facebook Messenger app එකේ iOS සඳහා වන 191.0 වැනි සංස්කරණයේ release note එකේ Coming Soon යනුවෙන් විශේෂයෙන් දක්වා ඇති පරිදි, යම්කිසි හේතුවක් නිසා ඔබ විසින් යවනු ලැබූ පණිවිඩයක් මකා දැමීමට අවශ්‍යය නම්, අදාල පණිවිඩය යවා පළමු විනාඩි 10 ඇතුලතදී එය මකා දැමීමට හැකි පහසුකමක් ලඟදීම ලබා දෙන බව සඳහන් වෙනවා.

කොහොම වුණත් WhatsApp වලදී මෙම පහසුකම සඳහා පැයක කාලසීමාවක් ලබා දෙනු ලබන අතර විනාඩි 10ක් ඇතුලතදී තමන්ගේ වරදක් ඇත්නම් එය හඳුනාගැනීමටද ප්‍රමාණවත් නොවන බව බොහෝ දෙනාගේ මතය වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා iTunes වෙබ් අඩවිය භාවිතා කළ හැක.