Microsoft සමාගමේ Your Phone app එක හරහා Android apps තමන්ගේ Windows 10 device එක මත run කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කළ බව අප මීට පෙර වාර්තා කළා මතක ඇති.

Microsoft Your Phone app එක මඟින් Android ජංගම දුරකථන වල ඇති apps, PC එක මත run කිරීමේ හැකියාව ලබාදෙයි
Microsoft සමාගම විසින් Windows 10 පදනම් කර ගෙන නිර්මාණය කරන ලද Your Phone App එකඔස්සේ ඕනෑම Android හෝ iOS එකක් ඔබේ පරිගණකයට සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දෙන අතර ඒහරහා ඔබේ ජංගම දුරකථනයේ ඇති photos නැරඹීම, SMS යැවීම, දුරකථන ඇමතුමක් ලබා ගැනීමවැනි කාර්යයන් පරිගණකය ඔස්සේ සිදුකිරීමට ඉඩ ලබාදෙනවා. මෑතකදී …

කොහොම නමුත් මේ පහසුකම Samsung ජංගම දුරකථන සඳහා පමණක් සීමා වී තිබුණු අතර, විශේෂයෙන්ම මෙහිදී සිදු වන්නේ අදාල app එක ජංගම දුරකථනය තුළ run වී, screen එක පමණක් පරිගණකය‍ට mirror වීමයි.

කොහොම නමුත් මේ වන විට Windows 10 හරහා native ලෙසම Android apps run කිරීමේ හැකියාව ලබාදීමට Microsoft සමාගම කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම ව්‍යාපෘතිය දැනට Project Latte යන නමින් හැඳින්වෙන අතර, මේ හරහා developer වරුන් හට තමන්ගේ Android apps සුළු වෙනස්කමක් පමණක් හෝ, වෙනස්කමක් සිදු නොකරම Microsoft Store එකට ඇතුලත් කිරීමේ හැකියාව ලැබෙනු ඇති අතර, පරිශීලකයින් හට තමන්ගේ Windows 10 device එක භාවිතා කරමින් Microsoft Store එක හරහා ඒවා download කරගෙන භාවිතා කළ හැකි වෙනවා.

මෙ‍හිදී සාමාන්‍යයයෙන් අපි දැනට භාවිතා කරන ක්‍රමය වන BlueStacks හෝ MEmu වැනි emulator එකක් භාවිතා නොවනු ඇති අතර, දැනට Windows 10 සඳහා හඳුන්වාදී ඇති ඉතාමත් ජනප්‍රිය පහසුකමක් වන Windows Subsystem for Linux (WSL.) පහසුකම මෙන්ම Android subsystem එකක් ද Windows වලට හඳුන්වාදෙනු ඇති බව වාර්තා‍ වෙනවා.

Windows Subsystem for Linux

මේ ආකාරයෙන් Windows සඳහා Android Subsystem එකක් හඳුන්වාදෙනු ලැබුවහොත් එහිදී Android app එක run වෙන්නේ native ලෙසම වන අතර emulation එකක් සිදු වන්නේ නැහැ.

කොහොම නමුත් මේ සඳහා බොහෝ විට Google Play Services ලබා නොදෙනු ඇති බව දැනගන්නට ලැබෙන අතර, මීළඟ අභියෝගය වන්නේ ARM architecture එක සඳහා build කර ඇති Android app ද Windows ධාවනය වන x86 architecture එක සමඟින් compatible නොවීමයි.

කෙසේ නමුත් මේ වන විට බොහෝමයක් ප්‍රධාන Android apps x86 සහ x64 architecture එක සඳහා ද build කරනු ලබන අතර, මේ සඳහා  යම් ආකාරයට emulation පහසුකමක් හඳුන්වාදීමට Microsoft සමාගම කටයුතු කළහොත් සියළුම Android apps සාමාන්‍යය ලෙස ධාවනය කිරීමට මෙයට හැකියාව ‍ලැබෙනු ඇත.

මේ වන විට Microsoft Store එක මීට පෙර තිබූ තත්ත්වයට වඩා හොඳ අතට වෙනස් වී ඇති බව දැකගත හැකි වෙනවා. PWA, UWP, Win32, Linux (via WSL) වැනි apps වර්ග ගණනාවක් මේ වන විටත් මෙහි අන්තර්ගත වන අතර, ඉතා ඉක්මණින්ම Android apps ද මෙයට එකතු වනු ඇත.

‍මේ Project Latte ව්‍යාපෘතිය Microsoft සමාගම විසින් ලබන වසරේ, එනම් 2021 වර්ෂයේදී එළිදැක්වීමට බළාපොරොත්තුවෙන් සිටින අතර, බොහෝ විට 2021 fall update එකේ කොටසක් ලෙස Windows 10 පරිශීලකයින් හට ලබාදෙනු ඇති බව අනුමාන කෙරෙනවා.

මෙය මෙසේ වුවහොත් Windows 10 යනු apps සඳහා near-universal operating system එකක් බවට පත් වීම වැලැක්විය නොහැක්කේ දැනටමත් Web Apps, Windows Apps සහ Linux Apps භාවිතා කිරීමේ හැකියාව තිබෙන අතර, Android Apps ද මේ අතරට එකතු වන නිසාවෙනි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Windows Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.