Google සමාගම විසින් මේ වන විට Google Chrome වල 87 වන සංස්කරණය සඳහා අලුත් පහසුකම් රාශියක් එකතු කිරීමට කටයුතු කර ඇති අතර, මෙම update එක වසර ගණනාවකට පසුව Chrome වල performance improve කළ පළමු සංස්කරණය වන බව ද ඔවුන් පෙන්වා දෙනු ලැබුවා.

මෙම පහසුකම් අතර Chrome Actions නමින් අලුත් පහසුකමක් අන්තර්ගත වන අතර, මේ හරහා Browser එකේ setting වලට ගොස් සිදු කරගන්නා බොහෝමයක් කාර්යයන්, address bar එක භාවිතා කරමින් පහසුවෙන් සිදු කරගැනීමට පරිශීලකයින් හට අවස්ථාව ලැබෙනවා.

මෙලෙස Address bar එක මඟින් පිවිසිය හැකි Shortcuts සිය ගණනක් ඇති අතර, ඒවායෙන් නිතර අවශ්‍යය වන කිහිපයක් පමණක් පහතින් දක්වා තිබෙනවා.

  • Clear Browsing Data – type ‘delete history’, ‘clear cache ‘ or ‘wipe cookies’
  • Manage Payment Methods – type ‘edit credit card’ or ‘update card info’
  • Open Incognito Window – type ‘launch incognito mode‘ or ‘incognito’
  • Manage Passwords – type ‘edit passwords’ or ‘update credentials’
  • Update Chrome – type ‘update browser’ or ‘update google chrome’
  • Translate Page – type ‘ translate this’ or ‘ translate this page’

Chrome 87 සංස්කරණයේ මෙම පහසුකම ඇතුලත් වන අතර, ඔබ Chrome පරිශීලකයෙකු නම්, බොහෝ විට මේ වන විටත් automatic update පහසුකම හරහා ඔබගේ Chrome Browser එක update වී තිබීමට බොහෝ ඉඩකඩක් තිබෙනවා.

මූලිකව privacy සහ security වලට අදාල දෑ Chrome Actions වෙත එකතු කිරීමට Google සමාගමේ වැඩි අවධානයක් යොමු වී ඇති අතර, ඉදිරියේදී අනෙකුත් දෑ ද මෙයට එකතු කිරීමට ද ඔවුන් කටයුතු කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

Google සමාගම විසින් පවසන ආකාරය‍ට මෙය Chrome 87 සංස්කණය හරහා පරීශිලකයන් හට භාවිතයට ගැනීමට හැකිවෙන පරිදී නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

Google Chrome - Download the Fast, Secure Browser from Google
Get more done with the new Google Chrome. A more simple, secure, and faster web browser than ever, with Google’s smarts built-in. Download now.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.