බොහෝ Android පරිශීලකයින් තමන්ට අවශ්‍යය apps download කරගැනීම සඳහා Google Play Store එක භාවිතා කලත්, ඊට අමතරව Amazon App store, Huawei App Gallery වැනි තවත් බොහෝමයක් app stores තිබෙනවා.

ඒ අතරින් Aptoide යනු ඒ ආකාරයේම alternative third-party apps store එකක් ලෙස හදුන්වාදිය හැකි අතර  මෙම Aptoide store එක මේ වනවිට විශාල security breach එකකට ලක්වී ඇති බව වාර්ථා වෙනවා.

ZDNet වෙබ් අඩවි මගින් සදහන් කරන ආකාරයට හැකර්වරුන් පිරිසක් විසින් Aptoide පරිශීලකයන් මිලියන 20කට අධික පිරිසකගේ තොරතුරු hacker forum එකක් තුළ කාන්දු වී ඇති අතර Aptoide හි ලියාපදිංචි වූ හෝ 2016 ජූලි 21 සිට 2018 ජනවාරි 28 දක්වා කාලය තුළ එය භාවිතා කළ පුද්ගලයින් මෙම සිද්ධියට මුහුණ පා ඇත.

කාන්දු වූ දත්ත වල අදාල පරිශීලකයන්ගේ email address එක, hashed password එක, real name එක, registration date එක, IP address එක, devices පිළිබඳව තොරතුරු සහ උපන්දිනය වැනි තොරතුරු ඇතුළත් වේ.

මෙම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් Aptoide ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ අරඹා ඇති බවත්, Aptoide භාවිතා කිරීමට එහි ගිණුමක් අත්‍යාවශ්‍ය නොවන බැවින් මෙම සිද්ධිය පරිශීලකයන්ගෙන් 97%කට බලපා නොමැති බවත් ය.

Aptoide Credentials Information (Update)
Dear Aptoide Community, We come to you with an update on the Aptoide database leak. The team is working with our data center partners in a forensic analysis of howthe Aptoide database was compromised. In parallel, all possible access to our infrastructure from outside was limited,which can caus…
සිද්ධිය පිළිබඳව Aptoide ආයතනයේ නිළ ප්‍රකාශය

මේ අතරින් මිලියන 32ක පිරිසක් Facebok හෝ Google ගිණුම් මගින් register වී ඇති පිරිසගේ Password එක ඔවුන් store කර නොගන්නා බැවින්, එම පරිශීලකයන්ගේ hashed password එක random characters වලින් පමණක් සමන්විත බව ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම නමුත් අදාල මිලියන 20 අතුරින් මිලියන 8.8ක් පමණ email address එකක් භාවිතා කරමින් මෙයට සම්බන්ධ වී ඇති අතර එම පිරිසගේ password එක SHA-1 encryption algorithm එක භාවිතා කරමින් encrypt කර තිබෙනවා.

මේ SHA-1 encryption එක break කිරීමට හැකියාව තිබෙන නමුත්, මේ අතරින් එක් password එකක් decrypt කරගැනීමට පවා විශාල කාලයක් අවශ්‍යය වන අතර මේ data breach එක හරහා (plaintext) මුරපද කාන්දුවීමක් සිදුවී නොමැති නමුත් ඔබගේ සංවේදී දත්ත කාන්දු වී ඇති බැවින් මුරපද අනුමාන කර ගැනීමට එමගින් පහසුවන බැවින් ඔබගේ මුරපද ඉක්මනින් වෙනස් කරගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

පරිශීලක තොරතුරු ආරක්ෂිත යැයි හැඟෙන තුරු තාවකාලිකව register වීමේ හැකියාව, login වීමේ හැකියාව, reviews සහ comments අක්‍රිය කරන බවත්, නැවත මේවා ක්‍රියාත්මක කරනු ලබන විට සියළුම passwords reset කරනු ලබන බවත් Aptoide සමාගම විසින් තහවුරු කර ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය, Forbes වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.