මේ වන විට game play කරන්නන් තමන්ගේ games online stream කිරීම සඳහා වැඩි වශයෙන් YouTube Gaming, Twitch සහ Mixer වැනි සේවාවන් භාවිතා කිරීමට කටයුතු කරනු ලබන අතර Facebook සමාම විසින් ඔවුන්ගේ Facebook Gaming සේවාව හරහා ද මේ පහසුකම ලබාදෙනු ලබනවා.

මෙම Facebook gaming සේවාව app එකක් ලෙස මේ වනවිට Android devices සදහා පමණක් release කර ඇති අතර ඔබට එය Google PlayStore හරහා download කරගැනීමේ හැකියාව ලබාදීමට කටයුතු කර තිබෙන බව ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම Facebook Gaming app එක මගින් පරිශීලකයන් හට වෙනත් පුද්ගලයන්ගේ game streams නැරඹීමට හා Streame කරන්නන්ව follow කිරීමට හැකියාව මෙන්ම විවිධ gaming පිළිබඳව වන groups වලට join වීමේ හැකියාවද ලබා දෙනවා.

Facebook Gaming: Watch, Play, and Connect - Apps on Google Play
Facebook Gaming welcomes you to a new world of play. Share in the joy and fun of rooting for top streamers as they play the world’s biggest games. Here, you can play games instantly, and join groups centered around everything you are interested The ways to have fun are countless. Find yours. Be am…
Facebook Gaming app එක download කරගැනීමට

මීට අමතරව ඔබට download කිරීමක් සිදු නොකර play කල හැකි games (instantaneous games) කිහිපයක්ද මේ හරහා ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Facebook Gaming නිළ Twitter ගිණුම සහ Android Central වෙබ් අඩවිය භාවිතා කල හැක.