ජංගම දුරකථන වල සියළුම පහසුකම් ඉතාමත් වේගයෙන් දියුණු වුවත් බැටරි තාක්‍ෂණය එම වේගයෙන් දියුණු නොවීම ගැන බොහෝ දෙනෙක් තම කනස්සල්ල පළ කරන කාරණයක් බවට පත්ව තිබෙනවා.

මේ වන විට ලෝකයා feature phones වලින් smartphone වලට මාරු වී දශකයක පමණ කාලයක් ගතවී තිබුණත් දින කිහිපයක් තබාගත හැකි battery එකක් smartphone වලට ඇතුලත් නොවන අතර සෑම රාත්‍රියකම පාහේ එය charge කිරීමට සිදු වෙනවා.

කොහොම වුණත්, Oppo සමාගමේ 65W SuperVOOC charging තාක්ෂණය හරහා මිනිත්තු 30ක් ඇතුලත, 4,000mAh බැටරියක් 0% සිට 100% තෙක් charge කර ගැනිමට හැකියාව ලබා දෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

Oppo සමාගමේ අලෙවිකරන නිළධාරියෙකු වන Brian Shen මහතා ඔහුගේ Twitter ගිණුම හරහා ඉහත වීඩියෝව ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව මිනිත්තු 30 කින් 0-100% සිට 4,000mAh බැටරියක් ආරෝපණ කල හැකි බව පෙන්වයි.

Oppo Reno Ace ජංගම දුරකථනය ඔක්තෝම්බර් 10 වන දින එළිදැක්වීමට නියමිත වන අතර, එම ජංගම දුරකථනයේ මේ අලුත් Option එක වන 65W SuperVOOC Fast Charge 2.0 අන්තර්ගත වනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මීට අමතරව 30W Wireless VOOC Flash Charge 4.0 තාක්ෂණය හරහා මිනිත්තු 80ක් ඇතුලත 4,000mAh batteery එකක් සම්පූර්ණයෙන් charge කරගත හැකි බවත්, එම තාක්ෂණය Qi standard එකට සහාය දක්වන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මිනිත්තු 13ක් ඇතුලත 4,000mAh Battery එකක් Charge කළ හැකි තාක්ෂණයක් Vivo වෙතින් හඳුන්වා දෙයි
චීනයේ දැවැන්ත ජංගම දුරකථන නිෂ්පාදකයෙකු වන Vivo සමාගම[https://en.wikipedia.org/wiki/Vivo_(technology_company)] විසින් ඔවුන්ගේ SuperFlashCharge 120W තාක්ෂණය අද දින එළිදැක්වීමට කටයුතු කර තිබෙන අතර එය මේ වන විට ලොවඇති වේගවත්ම fast charging තාක්ෂණය ලෙස පිළිගැනෙනු ලැබෙනවා. මේ අනුව 4,000mAh capacity එ…

මැතකදි අප දුටු කරුණු අනුව Xiaomi සමාගම විසින් හදුන්වා දුන් 100W “Super Charge Turbo” තාක්‍ෂණය මගින් විනාඩි 17ක් ඇතුලත 0% - 100% දක්වා දුරකථනයත් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර Vivo සමාගමද එයට නොදෙ‍වැනිව 120W fast charging තාක්‍ෂණයක් එළි දැක්වු අතර ඒ හරහා මිනිත්තු 13ක් ඇතුලත දුරකථකයේ බැටරිය 0% - 100% දක්වා ආරෝපණය කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.