චීනයේ දැවැන්ත ජංගම දුරකථන නිෂ්පාදකයෙකු වන Vivo සමාගම විසින් ඔවුන්ගේ Super FlashCharge 120W තාක්ෂණය අද දින එළිදැක්වීමට කටයුතු කර තිබෙන අතර එය මේ වන විට ලොව ඇති වේගවත්ම fast charging තාක්ෂණය ලෙස පිළිගැනෙනු ලැබෙනවා.

මේ අනුව 4,000mAh capacity එකකින් යුතු battery එකක් 50%ක් charge කිරීම මිනිත්තු 5ක් ද, සම්පූර්ණයෙන්ම charge කිරීම සඳහා මිනිත්තු 13ක් ද වශයෙන් පෙන්වා දී ඇති නමුත්, මෙය පිටුපස ඇති තාක්ෂණය පිළිබඳව තවමත් කිසිඳු තොරතුරක් නිකුත් කිරීමට Vivo සමාගම කටයුතු කර නොමැති බව වාර්ථා වෙනවා.

චීනයේ Weibo වෙබ් අඩවිය හරහා මෙයට අදාල video එකක් නිකුත් කිරීමට Vivo සමාගමේ product manager වරයෙකු කටයුතු කර ඇති අතර එහි දැක්වෙන ආකාරයට තත්ත්පර 16ක කාළසීමාවක් ඇතුලත 10% - 14% පමණ ප්‍රමාණයක ආරෝපණය වීමක් දැකගතහැකි වෙනවා.

කොහොම වුණත් මීට පෙර Vivo සමාගම විසින් එළිදක්වා තිබුණු හොඳම fast charging technology එක (44W) හරහා 4,000mAh ප්‍රමාණයේ battery එකක් සම්පූර්ණයෙන් ආරෝපණය කරගැනීමට මිනිත්තු 45ක කාලයක් ගත වූ බව සඳහන් වෙනවා.

පසුගිය මාර්තු මාසයේදී Xiaomi සමාගම විසින් මිනිත්තු 17ක් ඇතුලත් 4,000mAh battery එකක් full charge කළ හැකි, 100W charging system එකක් එළිදැක්වීමට කටයුතු කලත්, එය මේ වන තුරු කිසිඳු commercial device එකක දැකගැනීමේ හැකියාව ලැබුණේ නැහැ.

කොහොම නමුත් දැනට වෙළඳපොලෙහි මිලදීගැනීමට හැකියාව ඇති හොඳම fast charging තාක්ෂණය ලෙස පිළිගැනෙන්නේ Oppo Find X Lamborghini Edition එකේ අන්තර්ගත වන 3,400mAh battery එක මිනිත්තු 35ක් ඇතුලත charge කරවන Super VOOC තාක්ෂණයයි.

ලබන සතිය ඇතුලත චීනයේ Shanghai වල පැවැත්වීමට නියමිත MWC19 event එක අතරතුරදී Vivo සමාගම විසින් ඔවුන්ගේ මේ Super FlashCharge 120W තාක්ෂණය demonstrate කරනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය හා GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.