Smartphone වල display technology එක සාමාන්‍ය flat display එකේ සිට Samsung Galaxy S6 edge සමඟ Curved Display එකක් දක්වා වැඩි දියුණු වූ අතර, එය තවදුරටත් ඉදිරියට ගමන් කර folding display සහිත smartphone දක්වා මේ වන විට වර්ධනය වී තිබෙනවා.

දැන් එයිනුත් ඔබ්බට ගොස් roll කළ හැකි, නැතිනම් තිරය device එකේ housing එක තුළට එතිය හැකි උපාංග පිළිබඳ කතාබහ කරලියට පැමිණ තිබෙන අතර, LG සමාගම විසින් නිකුත් කරන්නට නියමිතව තිබෙන මෙම ආකාරයේ rollable display එකක් සහිත දුරකථනක් පිළිබඳව මීට පෙර අපි ඔබට තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.

මීළඟ වසර මුලදී Rollable තිරයක් සහිත ජංගම දුරකථනයක් නිකුත් කිරීමට LG සමාගම සූදානම් වෙයි
මීට වසර කිහිපයකට පෙර foldable ජංගම දුරකථන යනු Concept එකක් පමණක් වුවත් අද වන විටඑය යථාර්ථයක් බවට පත් කිරීමට නිෂ්පාදකයන් සමත් වී තිබෙනවා. Samsung හා Huawei යන සමාගම් මෙම අංශයෙන් බොහෝ ඉදිරියට ගොස් ඇති අතර වෙනත් සමාගම් දසාමාන්‍ය දුරකථන තිරයෙන් ඔබ්බට ගොස් තමන්ගේ ජංගම දුරකථන වලට ද මෙවැනි නව්‍යකරණයන්එ…

මේ අතර Oppo සමාගම විසින්ද rollable display එකක් සහිත smartphone එකක් 2021 වසරේදී නිකුත් කරන්නට සූදානමින් සිටින බව දැනගන්නට ලැබෙන අතර ඔවුන් විසින් මේ වන විට, එම සංකල්පය එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

තමන්ට අවශ්‍ය ප්‍රමාණයට, display එකේ size එක role කර වෙනස් කරගත හැකි නිසා, මෙම උපාංගයට අඟල් 6.7 සිට අඟල් 7.4 ක් දක්වා වූ පරාසයක තිරයක් ලබාදීමට හැකියාව තිබෙනවා.

Oppo X 2021 ලෙස නම් කර තිබෙන මෙම concept මාදිලියේ යටින් තිබෙන display එක OLED Panel එකක් බව පැවසෙන අතර LG සමාගමේ rollable ජංගම දුරකථනයට display නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයා වන, ප්‍රසිද්ධ චීන display නිෂ්පාදකයෙකු වන BOE සමාගම විසින්ම මෙම display එක ද නිෂ්පාදනය කරනු ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම මෙම තිරය එක් fixed frame එකක් සහ ඊට උඩින් දිවෙන dynamic frame එකක් වශයෙන්, ශක්තිමත් ‍frame ද්විත්වයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන අතර, ඉහළින් ඇති ප්‍රධාන තිරය යම් ආකාරයක plastic තිරයක් විය හැකි බව පැවසෙනවා.

දෙපැත්තටම සමානව බලය බෙදා හරින dual rolling motor system එකක් මෙම උපාංගයට සවිකර තිබෙන අතර, තිරයේ විශාලත්වය අඩු-වැඩි වීම පදනම් කරගෙන ඊට අවශ්‍ය බලය ලබාදීමට මෙම මෝටර් ද්විත්වය සමත් වෙනවා.

මෙවැනි rollable display එකක ඇති වාසිය නම්, folding උපාංගයක මෙන් display එකේ crease mark, නැතිනම් නැමුම් දාර දක්නට නොලැබීමයි. Folding උපාංග වල දැනට පවතින ලොකුම දුර්වලතාවය මෙය වන අතර, folding උපාංගයකට වඩා මෙම rollable smartphone එක ඝනකමින් අඩු බව සඳහන් වෙනවා.

එමෙන්ම folding උපාංගයකට මෙන් secondary display එකක්ද මෙවැනි rollable smartphone වලට අවශ්‍ය නැති අතර, ඒ නිසා නිෂ්පාදනය වියදම ද සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට මෙම සංකල්පය ඔස්සේ හැකියාව තිබෙනවා.

Oppo Innovation Day 2020 ප්‍රදර්ශනයේදී මෙම rollable concept මාදිලිය එළිදැක්වීමට ඔවුන් කටයුතු කළ නමුත්, මෙම උපාංගය වාණිජමය වශයෙන් නිකුත් කිරීම සඳහා වන සැලසුම් පිළිබඳ තොරතුරු තවමත් Oppo සමාගම විසින් සඳහන් කර නැහැ.

කොහොම වුණත් වාසි-අවාසි සංසන්දනය කිරීමේ දී folding උපාංග වලට වඩා මෙම rollable display සහිත smartphone, වඩා ඉදිරියෙන් සිටින බව පෙනී යන කරුණක් වන අතර, මේ නිසා අනාගත smartphone වෙළඳපොල තුළ LG හෝ Oppo නමින් rollable smartphone එකක් දැකගැනීමට විශාල ඉඩක් පවතිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.