මේ වන විට Facebook Gaming හරහා නව cloud game streaming සේවාවක් එළිදැක්වීමට කටයුතු කර ඇති අතර එය දැනට පවතින cloud gaming සේවාවන් වලට වඩා තරමක් වෙනස් ආකාරයක සේවාවක් වෙනවා.

මෙමගින් Stadia, GeForce NOW සහ Xbox Game Streaming වැනි cloud gaming සේවාවන් මෙන් PC හෝ console games වලට ප්‍රවේශය ලබා දෙනවා වෙනුවට, free-to-play mobile games සඳහා ප්‍රවේශය ලබා දෙනවා.

මෙම සේවාව හඳුන්වාදීමත් සමගින් Facebook සමාගමෙහි අවසාන ඉලක්කය බොහෝවිට මෙය advertisements විකිණීමේ හැකියාව සමඟ සම්බන්ධ කිරීම වියහැකි අතර ඒ හරහා game developers ලා හට cloud playable ads පළ කිරීම මගින් Facebook පරිශීලකයන් අතර ඔවුන්ගේ games ප්‍රචලිත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Facebook සමාගමෙහි cloud gaming සේවාව ප්‍රථම වරට එක්සත් ජනපදයේ පරිශීලකයන් වෙත නිකුත් කෙරෙන අතර California, Texas සහ Massachusetts, New York, New Jersey ඇතුළු Northeast සහ Mid-Atlantic ප්‍රාන්තවල පරිශීලකයන් සඳහා මෙය ලබා ගත හැකි බව වාර්තා වෙනවා.

මෙම සේවාව ඉදිරි මාසවලදී වඩාත් පුළුල් ලෙස ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති අතර Facebook සමාගම පවසන ආකාරයට, නව cloud gaming සේවාව හරහා play කිරීමට හැකි පළමු games කිහිපය අතරට Asphalt 9: Legends, Mobile Legends: Adventure, PGA Tour Gold Shootout, Solitaire: Arthur’s Tale, WWE SuperCard සහ Dirt Bike Unchained යන games ඇතුලත් වෙනවා.

ඉදිරියේදී මේ සඳහා තවත් games එක්වනු ඇති අතර Facebook සමාගම විසින් HTML5 හරහා ගොඩනගා ඇති දැනට පවතින instant games ද මෙම cloud-streamed games සමග පවතිනු ඇත.

Facebook සමාගමෙහි මෙම cloud gaming සේවාව තවමත් ලබාගැනීමට හැකියාව ඇත්තේ Android සහ ඔවුන්ගේ Web app එක භාවිතා කරන පරිශීලකයන් සඳහා පමණක් බව ද වාර්තා වෙනවා.

Facebook Gaming: Watch, Play, and Connect - Apps on Google Play
Facebook Gaming welcomes you to a new world of play. Share in the joy and fun of rooting for top streamers as they play the world’s biggest games. Here, you can play games instantly, and join groups centered around everything you are interested The ways to have fun are countless. Find yours. Be am…
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.