පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විට Android වල නොමිලයේ ලබා දුන් හොඳම VPN සේවාව වශයෙන් සැළකිය හැකිව තිබූ Opera VPN සේවාව නවතාදැමීමට Opera සමාගම කටයුතු කළ බව ඔබට මතක ඇති.

කොහොම නමුත් ඔන්න දැන්, Opera සමාගමේ Android web browser එක වන Opera Browser එකට මේ Opera VPN පහසුකම ඇතුලත් කරන්නට Opera සමාගම තීරණය කර තිබෙනවා.

මේ පහසුකම Opera Browser එකේ beta සංස්කරණය ඔස්සේ මේ වන විට ලබා දීමට කටයුතු කර ඇති අතර ඉතාමත් ඉක්මණින්ම stable release එකක් නිකුත් කිරීමට ඔවුන් සූදානම් වෙමින් සිටිනවා.

මේ Opera beta සංස්කරණය හරහා කලින් සඳහන් කළ VPN පහසුකම භාවිතා කළ හැකි ආකාර කිහිපයක් ලබා දී තිබෙන අතර VPN එක හරහා connect විය යුතු location එක ආදිය වෙනස් කිරීමේ හැකියාව ද ලබා දී තිබෙනවා.

Opera VPN app එක භාවිතා කරන විට අපේ ජංගම දුරකථනය මුලුමනින්ම වෙනත් location එකකට tunnel වන නමුත්, මේ අලුත් පහසුකම හරහා VPN පහසුකම අවශ්‍යය වන්නේ private window එකක් සඳහා පමණක් නම්, එයට පමණක් enable කිරීමේ හැකියාව ද ලබා දී තිබෙනවා.

එමෙන්ම අපි භාවිතා කරන search engine වලින් අපේ location එක භාවිතා කරලා personalized result එකක් පෙන්වන බව අපි දන්නවා. ඉතින් අපි VPN එකක් භාවිතා කරනවා නම් අදාල රටට ගැලපෙන විදිහේ search result එකක් තමයි අපිට ලැබෙන්නේ.

නමුත් මේ අලුත් පහසුකම හරහා අපිට search engine වලට පමණක් VPN එක භාවිතා නොකිර සිටීමේ හැකියාවත් ලබා දීමට Opera සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Opera Blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.