Google සමාගම විසින් මීට පෙර එළිදක්වනු ලැබූ Pixel 3 ජංගම දුරකථනය එළිදැක්වීමට ප්‍රථමව වෙනත් පුද්ගලයන් විසින් එහි ඡායාරූප සහ video දර්ශන අන්තර්ජාලයට එකතු කිරීමට කටයුතු කර තිබූ බව ඔබට මතක ඇති.

මෙවර ඔවුන්ගේ අලුත්ම Pixel 4 ජංගම දුරකථනය එළිදැක්වීමට මාස කිහිපයකට පෙර විවිධ පුද්ගලයන් විසින් එහි පෙනුම පිළිබඳව කටකතා පැතිරවීමටත්, mock-up සහ renders අන්තර්ජාලය පුරා පැතිරවීමටත් කටයුතු කර තිබුණා.

කොහොම වුණත් Google සමාගම විසින් ඊයේ (ජුනි 12 වැනි දින) ඔවුන්ගේ නිළ Twitter ගිණුමේ Pixel 4 ජංගම දුරකථනයෙහි design එක මෙසේ පළ කිරීමට කටයුතු කර තිබුණා.

Google Pixel 4 එක මොන ආකාරයේ එකක් වේවිදැයි නොයෙකුත් අදහස් පළ වුවත් සියලු දෙනාම පුදුමයට පත්කරමින් ඊයේ (12) Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Pixel දුරකතනයේ Design එක ඉදිරිපත්කරනු ලැබූ අතර මේ Pixel දුරකථනයේ පිටුපස කැමරා module එක කොටු හැඩයෙන් යුතු බව දැකගත හැකි වෙනවා.

මෙය කැමරා 2ක්, Depth Sensor එකක් සහ LED flasher එකකින් සමන්විත වන නමුත් මීට අමතරව මෙහි Specification කිසිවක් ගැන සඳහනක් නොකරමින්, එයින් කළ හැකි දේ පිළිබඳව ලෝකයා කුතුහලයෙන් මුසපත් කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TNW වෙබ් අඩවිය හා නිළ Made by Google Twitter ගිණුම භාවිතා කළ හැක.