බොහෝ විට Google Play Store එක හරහා අලුතින් නිකුත් වීමට නියමිත apps සඳහා pre-register වීම අපි නිතරම කරන දෙයක් වන නමුත්, මේ app එක නිකුත් කළ විට නැවතත් Play Store එකට ගොස් එය manually install කිරීමට අපට සිදු වෙනවා.

මේ ගැටළුවට පිළියමක් ලෙස මෙලෙස pre-register වූ apps අදාල පරිශීලකයා වෙත available වූ විට, එය ස්ව්‍යංක්‍රීයව අදාල ජංගම දුරකථනයේ install වීමේ පහසුකමක් හඳුන්වාදීමට මේ වන විට Google සමාගම කටයුතු කර තිබෙනවා.

ඔබට දැනටමත් මෙම පහසුකම ලැබී ඇත්දැයි දැන ගැනීම සඳහා Play Store එක වෙත ගොස් Hero of Empire වැනි තවමත් pre-register වීමට පමණ ලබාදෙන යෙදුමක් වෙත ගොස් pre-registration button එක click කරන්න.

ඔබට මෙම පහසුකම දැනටමත් ලැබී ඇත්නම් 'Done' සහ 'Also install when available' ලෙස තෝරාගැනීම් දෙකක් ලැබෙනු ඇත.

New interface

මෙහිදී ඔබ Also install when available select කලහොත් එම යෙදුම available වූ පසු ඔබගේ device එකට automatically install වන අතර ඔබ done select කලහොත් ඔබ තෝරාගත් application එක available වූ පසු notification එකක් මගින් දැනුම්දෙනු ලැබේ.

කෙසේ වුවත් මෙහි automatically install වන පහසුකම තෝරාගත් පසු application එක download වීම සිදුවනු ඇත්තේ ඔබගේ device එක wifi connect වී ඇත්නම් පමණක් බව Android Police වෙබ් අඩවිය පෙන්වා දෙනු ලබනවා.

මේ පහසුකම Play Store version 19.8.15-all [0] [PR] 307848585 සංස්කරණයේ සහ ඊට පසුව නිකුත් වූ සංස්කරණ වල ඇතැම් පරිශීලකයින් පිරිසකට පමණක් තවමත් ලබාදී ඇති අතර ඉදිරියේදී සියළුම පරිශීලකයින් හට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය සහ Neowin වෙබ් අඩවිය භාවිතා කළ හැක.