OnePlus සමාගම විසින් පසුගියදා සඳහන් කළ ආකාරයටම ඔවුන් ඔක්තෝම්බර් පළමුවෙනිදා OnePlus World නමින් නව virtual platform එකක් හඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ හරහා OnePlus රසිකයින් හට විවිධ games play කිරීමටත්, OnePlus දුරකථනවලින් ලබා ගන්නා photos නැරඹීමටත්, ඔවුන්ගේම cases design කිරීමටත්, OnePlus හි සියලුම ජනප්‍රිය නිෂ්පාදන සහ තාක්ෂණයන් virtual ලෙස ගවේෂණය කිරීමටත් අවස්ථාව හිමිවෙනවා.

Welcome to the OnePlus World.
Explore. Create. Win.
OnePlus World වෙබ්අඩවිය

මෙම virtual platform එක හරහා ඔබට customize කළ හැකි avatar එකක් සමඟ හැකියාවන් අසීමිත ප්‍රමාණයක් ගවේෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර daily top 100 list එකට පිවිසීමට ඔබට points එකතු කරමින් මිතුරන් සමඟ තරඟ කිරීමටද හැකියාව තිබෙනවා.

අවසන් මහා තරඟයේ හොඳම ජයග්‍රාහකයින් 500 දෙනාට ඉදිරියට හඳුන්වාදීමට නියමිත OnePlus 8T ජංගම දුරකථනයක් දිනාගැනීමට අවස්ථාවක් ලැබෙන බව OnePlus සමාගම වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.

OnePlus World එක ගවේෂණය කිරීමට ඔබට ඔබේ මිතුරන්ට ආරාධනා කළ හැකි අතර වඩාත් සිත්ගන්නා කරුණ නම්, OnePlus රසිකයින් හට ඔක්තෝබර් 14 වනදා OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමේ event එක "OnePlus World එක තුළ ඇති private auditorium එකකින් නැරඹීමට අවස්ථාව ලබාදීමට OnePlus සමාගම කටයුතු කර තිබීමයි.

OnePlus 8T ජංගම දුරකථනය ඔක්තෝබර් 14 වන දින නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් වන ලකුණු
OnePlus සමාගම විසින් ඉදිරියට නිකුත් කිරීමට නියමිත OnePlus 8T ජංගම දුරකථනයපිළිබඳව බොහෝ තොරතුරු[https://9to5google.com/2020/09/14/oneplus-8t-design-leak-gallery/] පසුගිය දිනකිහිපය පුරාවටම අන්තර්ජාලය ඔස්සේ දැකගැනීමට අවස්ථාව ලැබුණා. මේ වනවිට වාර්තා වන නවතම තොරතුරු වලට අනුව OnePlus 8T ජංගම දුරකථනය එළ…

OnePlus 8T ජංගම දුරකථනයට අමතරව OnePlus සමාගම ඉතා ඉක්මණින් නව Nord series එකේ දුරකථනයක්ද එළිදැක්වීමට සූදානම් වන අතර ඒ පිළිබඳව තවමත් කිසිදු නිළ තොරතුරක් අනාවරණය වී නොමැති වුවද, OnePlus Nord N10 5G ජංගම දුරකථනය මේ මස අගදී එළිදැක්වීමට ඉඩ ඇති බවට වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OnePlusWorld වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.