හැකර්වරුන් සඳහා මෙන්ම cyber-security පිළිබ ලොව විශාලතම event එක වන Black Hat USA event එක පසුගිය දා ඇමෙරිකාවේ Las Vegas වලදී පැවැත්වූ අතර, එහිදී iPhone වල තිබෙන FaceID පහසුකම ඉතාමත් සුළු කාලයකින් hack කිරීමට හැකර්වරුන් පිරිසක් සමත් වී ඇති බව වාර්ථා වෙනවා.

තත්පර 120 කටත් අඩු කාලයක් ඇතුලත FaceID තාක්ෂණය bypass කර අදාල iPhone ජංගම දුරකථනය තුලට පිවිසිය හැකි බව එම පර්යේෂකයන් හට නිරූපණය කිරීමට හැකි වූ අතර මෙම කටයුත්ත සිදු කිරීම සඳහා ඔවුන්ට අවශ්‍යය වී තිබුණේ ඇස් කණ්නාඩි යුගලයක්, ඔවුන් භාවිතා කරන විශේෂ ටේප් වර්ගයක් භාවිතා කර තිබෙනවා.

iPhone වල අන්තර්ගත වන FaceID පහසුකම භාවිතා කරන විට, අදාල පුද්ගලයා ඇස් කණ්නාඩි යුගලයක් පැළඳ සිටින්නේ නම්, එම අවස්ථා වලදී ඇස් අවට ප්‍රදේශ වල 3D information භාවිතා නොකර, මුහුණේ ඉතිරි කොටස් වල පෙණුම පමණක් පදනම් කරගෙන unlock කිරීමේ කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව අනාවරණය කරගැනීමෙන් අනතුරුව, මෙම ක්‍රමය අත්හදාබැලීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් මෙය අත්හදාබැලීම සඳහා අදාල iPhone එකේ හිමිකරු සිටීම අනිවාර්යය වන අතර, මේ හරහා ඔහු නිදාගෙන සිටින හෝ සිහිසුන්ව සිටින අවස්ථාවකදී ජංගම දුරකථනය unlock කරගැනීමට හැකියාව ලැබෙනවා.


‍මේ ආකාරයෙන් අදාල ජංගම දුරකථනයේ හිමිකරු නිදාගෙන හෝ සිහි වර්ජිතව සිටින්නේ නම් Fingerprint lock එකක් වුවත් ඉතාමත් පහසුවෙන් unlock කරගැනීමේ හැකියාව තිබෙන බැවින් මෙම තත්ත්වය ඉතාමත් භයානක තත්ත්වයක් නොවන බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Forbes වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.