OnePlus කියන්නේ තමන්ගේ පරිශීලකයන් සමඟ සමීපවම සිටින ජංගම දුරකථන නිෂ්පාදකයන්ගෙන් එක් නිෂ්පාදකයෙකු බව මේ වන විට අපි හැමෝම දන්නවා.

බොහෝ වෙලාවට තම පරිශීලකයන්ගේ අදහස් අනුව ඔවුන්ගේ නිෂ්පාදන වල හැඩය වෙනස් කිරීමට උත්සාහ කරන OnePlus සමාගම ඔන්න දැන්, මීළඟ OxygenOS feature එක design කිරීමට OnePlus fan ලා හට ආරාධනා කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ challenge එක #OnePlusPMChallenge එහෙමත් නැතිනම් Product Manager Challenge යනුවෙන් හඳුන්වන අතර මේ මස 22වැනි දින දක්වා මේ සඳහා අදහස් භාර ගනු ලබනවා.

මේ අතරින් තෝරාගන්නා අදහස අනුව අදාල feature එක මීළඟ OxygenOS එකට එකතු කිරීමට OnePlus සමාගම බළාපොරොත්තු වන අතර, ජයග්‍රාහකයා හට Launching event එකට සහභාගී වීමේ අවස්ථාව හා, තමන් නිර්මාණය කළ feature එක අඩංගු OnePlus ජංගම දුරකථනයක් ලබා දීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

කොහ‍ොම වුණත් මේ feature එකක් ඉල්ලා සිටීම "මට මෙන්න මේ feature එක ඕන" කියනවා වගේ සරළ විදිහට ප්‍රකාශ කරන්න බැහැ. ඒ වෙනුවට OnePlus සමාගමේ product manager කෙනෙකුගේ කාර්යයභාරය සරළ ආකාරයෙන් මෙයට සම්බන්ධ වෙන පුද්ගලයන් හට ඉටු කිරීමට සිදු වෙනවා.

මේ වෙනුවෙන් කුඩා උපදෙස් මාලාවක් ඉදිරිපත් කිරීමට OnePlus සමාගම කටයුතු කර තිබෙනවා.

  • (මේ feature එක) භාවිතා කරන්නන් කවුද?
  • යෝජනා කරන function එක මොකක් ද?
  • එම function හරහා ලබා user value එක මොකක් ද?
  • යෝජනා කරන feature එක දැනටමත් වෙනත් ජංගම දුරකථනයක තිබේ නම්, ඔබ යෝජනා කරන feature එක එයින් වෙනස් වන්නේ කෙසේද?

ඒ වගේම අදාල පහසුකම නිර්මාණය කළ හැකි ආකාරය හා ඊට අදාල දළ සටහන් ආදිය ද නිර්මාණය කිරීමට ඔබට සිදු වෙනවා.

මෙලෙස නිර්මාණය කරන යෝජනාවන් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව OxygenOS team එක විසින් ජයග්‍රාහකයාව මාර්තු මාසයේ මැද භාගය වන විට නිවේදනය කරනු ලබන අතර, ජංගම දුරකථනය එළිදැක්වීමේ event එකකදී එය හඳුන්වාදෙනු ලබන බවත්, ජයග්‍රාහකයා හට එම event එකට VIP invite එකක් ලැබෙන අතර ගුවන් ටිකට්පත් ආදියට OnePlus සමාගම විසින් දරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus Forum එක, GSM Arena වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.