Google සමාගමේ TensorFlow කියන machine learning platform එක ගැන TechNews.LK සමඟ එකතු වෙලා ඉන්න ඔයාලා මේ වන විටත් දන්නවා ඇති.

ඔන්න දැන් Google සමාගම මේ framework එක භාවිතා කරමින් train කරන ලද Artificial Intelligence system එකක් මගින් Gmail වෙතට පැමිණෙන අති විශාල Spam messages කන්දරාව අතරින් දිනකට මිලියන 100ක පමණ ප්‍රමාණයක් block කළ හැකි මට්ටමකට පැමණ තිබෙන බව වාර්ථා වෙනවා.

ඔයාලා මේ වෙන විටත් දන්නවා ඇති Gmail භාවිතා කරන පිරිස බිලියන එකක්ටත් අධික ප්‍රමාණයක් කියලා. ඉතින් මේ පිරිසත් සමඟ සසඳන විට නම් මිලියන 100ක් කියන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයක්. ඒත් Google සමාගම ප්‍රකාශ කරන අන්දමට දිනකට ලැබෙන email ප්‍රමාණයෙන් 99.99%ක් ම spam email messages ඔවුන්ට හඳුනාගැනීමේ හැකියාව තිබෙන අතර, ඒවා සෘජුවම Spam folder එකට යොමු කිරීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.

මේ දක්වා ඔවුන් Spam හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලැබුවේ rule based, එහෙමත් නැතිනම් spam වල දකින්නට ලැබෙන පොදු ගුණාංග වල ලැයිස්තුවක් භාවිතා කර ඒවාට හසු වන messages, spam ලෙස mark කිරීමට කටයුතු කිරීමයි.

කොහොම නමුත් අන්තර්ජාලය කියන්නේ දිනපතා අලුත් වන දෙයක්. ඉතින් මේ Spam messages දිනපතා අලුත් අලුත් විදිහට එන්න පටන් ගන්නවා. ඒ නිසා rule based system එකකින් මේවා නවත්වන්න දැන් අපහසු වෙලා තියනවා.

මේ TensorFlow භාවිතා කර නිර්මාණය කළ අලුත් system එකට ‍දිනපතා එන email වලින් spam messages හඳුනාගැනීමට විශේෂ හැකියාවක් තිබෙනවා. මෙය train කර තිබෙන algorithm වලට අනුව අලුත් අලුත් උපක්‍රම භාවිතා කරමින් email එවීමට කටයුතු කලත් මේ හරහා එම රටාවන් හඳුනාගැනීමේ හැකියාවක් ද ඔවුන් හට ලැබෙන බව Google සමාගම ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා VentureBeat වෙබ් අඩවිය භාවිතා කළ හැක.