Facebook සමාගම ඔවුන්ගේ Oculus VR ආයතනය හරහා මේ වන විට VR එහෙමත් නැතිනම් Virtual Reality පිළිබඳව ඉතාමත් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන සමාගම් වලින් එකක් බව ඔබ දන්නවා ඇති.

පසුගිය දිනක පැවති ඔවුන්ගේ F8 developer conference එක අතරතුරදී මේ වන විට ඔවුන් සතුව තිබෙන VR තාක්ෂණය ගැන විස්තරයක් ඉදිරිපත් කිරීමට Facebook ආයතනය කටයුතු කර ඇති අතර සැබෑ ජීවිතයේදී හමුවන ආකාරයේ දේවල් VR environment එකක් නිර්මාණය කිරීමේ හැකියාව මේ වන විට ඔවුන් සතු වෙනවා.

මෙහිදී ඔවුන් විසින් ඔබේ සම්පුර්ණ බාහිර ස්වරුපයටම සමාන රුවක් virtual reality පරිසරය තුල නිර්මාණය කර ඇති අතර ඒ සදහා ඔවුන් virtual පාපන්දු පිටියක් තුල ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ රූපයන් නිර්මාණය කර තිබේ.

මේ හරහා ඔබගේ ශරීරයට සමාන පිළිරුවක් virtual පරිසරයක් තුල ප්‍රතිනිර්මාණය කර ඒ හරහා ඔබ දක්වන සියලුම අංග චලනයන් සියල්ල කිසිදු ප්‍රමාදයකින් තොරව නැවත නිර්මාණය කිරීමට හැකියාව ලැබී තිබෙන අතර මේ සදහා ඉතාමත් අඩු තාක්ෂණික උපකරණ ප්‍රමාණයක් භාවිත කර තිබීම සියලු දෙන පුදුම කරවන්නක් වී තිබෙනවා.

මෙම ප්‍රදර්ශනය Facebook ආයතනයේ 'Codec Avatar' තාක්ෂණයේ වැඩි දියුණු කරන ලද සංස්කරණයක් ලෙස සදහන් කරන අතර, දැනටමත් Facebook ආයතනය සතුව මිනිසුන්ගේ මුහුණ හා එහි අංග චලන ප්‍රතිනිර්මාණය කලහැකි තාක්ෂණයක් මොවුන් සතුව තිබෙනවා.

කොහොම නමුත් Facebook ආයතනය පවසන ආකාරයට මෙය සාමාන්‍ය ජනතාව අතට එවීමට තව වසර කිහිපයක් ගතවනු ඇති අතර එයට හේතුව වන්නේ මෙහි ඇති අධි තාත්වික පරිසරය ප්‍රතිනිර්මාණය කිරීමට වේගවත් අන්තර්ජාල පහසුකම් අවශ්‍ය වීමයි.

Facebook ආයතනය මෙහිදී ඉතාමත් වැදගත් ලෙස ආරක්ෂාව පිළිබද කටයුතු කරන බවද ප්‍රකාශ කරන්නේ මෙමගින් හැකර්වරයෙකුට ඔබට සමාන රුවක් මෙම ඩිජිටල් අවකාශය තුල නිර්මාණය කිරීමේ හැකියාව ඉවත්කිරිමටයි. මේ සදහා ඇගිලි සලකුණ හා මුහුණ හඳුගැනීමේ ආරක්ෂක ක්‍රම Oculus VR headsets එකට අන්තර්ගත කිරීමට ඔවුන් සුදානම් වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා PCMag වෙබ් අඩවිය හා CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.