OnePlus සමාගමේ සම-නිර්මාතෘවරයෙකු වන Carl Pei එම සමාගමෙන් ඉවත්වීමට කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

OnePlus සමාගමේ නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් කෙනෙකු වන Carl Pei, OnePlus සමාගමෙන් ඉවත්ව යයි
2013 වර්ෂයේදී Oppo සමාගමේ සේවය කරමින් සිටි Carl Pei සහ Pete Lau විසින් එයින්ඉවත්වී නිර්මාණය කළ OnePlus සමාගම පසුගිය වසර 7 තුළදී ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියටපත් වුණු බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැහැ. කොහොම නමුත් මේ වන විට මේ OnePlus සමාගමේ සම-නිර්මාතෘවරයෙකු වන Carl Pei, OnePlusසමාගමෙන් ඉවත්ව ගොස්…

ඔන්න දැන් ඔහු ඔහුගේම සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර එහි නම සඳහන් වන්නේ Nothing යනුවෙනුයි.

මෙම අලුත් සමාගමට ආයෝජනය කිරීම සඳහා iPod එකේ invetor වන Tony Fadell, Twitch ආයතනයේ සම-නිර්මාතෘ වන Kevin Lin, Reddit සේවාවේ CEO වරයා වන Steve Huffman සහ ප්‍රසිද්ධ YouTuber කෙනෙකු වන Casey Neistat එකතු වී තිබෙනවා.

මේ අලුත් Nothing සමාගම ලන්ඩන් නගරය පාදක කරගත් තාක්ෂණික සමාගමක් වන අතර, මෙම වසරේ මුල් භාගය අතරතුරදී ඔවුන්ගේ ප්‍රථම smart devices එළිදැක්වීමට බළාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා වෙනවා.

HERE COMES NOTHING
London, UK - January 27, 2021 - Nothing, a new forward thinking London based consumer technology company founded by Carl Pei and his team, has officially been unveiled today.This announcement comes shortly after a $7 million round in seed financing in December 2020 that included high profile indivi…

කොහොම වුණත් The Verge වෙබ් අඩවිය විසින් නැගූ පැණයක් අනුව මේ smart devices යනුවෙන් හඳුන්වන්නේ කුමන ආකාරයේ smart devices පිළිබඳව දැයි යන්න හෝ කුමන ආයතන සමඟ තරඟ කිරීමට බළාපොරොත්තු වන්නේ ද යන්න පිළිබඳව වැඩිදුර විස්තර හෙළි කිරීමට Carl Pei කටයුතු කර තිබුණේ නැහැ.

OnePlus සමාගම බොහෝ අවස්ථා වලදී Oppo සමාගම විසින් එළිදක්වන ලද ජංගම දුරකථන වලට සමාන ජංගම දුරකථන එළිදැක්වීමට කටයුතු කර ඇති බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.

OnePlus 5 සහ Oppo R11 ජංගම දුරකථනය, OnePlus 6T සහ Oppo R17 ජංගම දුරකථනය, OnePlus Nord N100 සහ Oppo A53 ජංගම දුරකථනය මෙවැනි සමාන devices වන අතර, මෙම සමාගම් ද්විත්වයේම parent company එක BBK Electronics ආයතනය බවත් ඔබ දන්නවා ඇති.

කෙසේ වුවත් මේ Nothing සමාගම සම්පූර්ණයෙන්ම ස්වාධීන සමාගමක් වන බවත්, තම සමාගම සතුව තමන්ගේම research & development department එකක් තිබෙන බවත්, වෙනත් සමාගමක products copy කිරීම වෙනුවට තමන්ගේම නිෂ්පාදනයන් සිදු කිරීමට ඔවුන් සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.