2013 වර්ෂයේදී Oppo සමාගමේ සේවය කරමින් සිටි Carl Pei සහ Pete Lau විසින් එයින් ඉවත්වී නිර්මාණය කළ OnePlus සමාගම පසුගිය වසර 7 තුළදී ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණු බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැහැ.

කොහොම නමුත් මේ වන විට මේ OnePlus සමාගමේ සම-නිර්මාතෘවරයෙකු වන Carl Pei, OnePlus සමාගමෙන් ඉවත්ව ගොස් ඇති බව Android Central වෙබ් අඩවිය සනාථ කරනවා.

Carl Pei has left OnePlus? Sacked? from oneplus

විශේෂයෙන්ම මෑත කාලීනව මහත් ආන්දොලනයකට තුඩු දුන් OnePlus Nord brand එක සම්බන්ධයෙන් කටයුතු කළ මොහු හදිසියේම OnePlus ආයතනය හැර යාම පුදුම එලවනසුළු කාරණයක් වන නමුත්, මේ පිළිබඳව තවමත් OnePlus සමාගම විසින් නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර නැහැ.

මීට ප්‍රධානතම හේතුව ලෙස වාර්ථා වන්නේ Carl Pei සහ Pete Lau අතර ඇති වූ බළ අරගලයක් වන බවත් Android Central වෙබ් අඩවිය වාර්තා කරනවා.

2014 - 2015 යන කාළසීමාව තුළදී OnePlus ආයතනයට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීගත නොහැකි වූ විට, ඊට අදාල marketing උපක්‍රමයක් ලෙස invites හරහා මිලදීගැනීමේ ක්‍රමවේදය ඉදිරිපත් කළ මොහු, වරෙක Samsung සමාගමට ආරාධනා කර සිටියේ ඔහුව එම සමාගමේ intern කෙනෙකු ලෙස බඳවාගන්නා ලෙසයි.

ඒ හරහා OnePlus සමාගමට මුල් කාලයේ තිබුණු නිෂ්පාදන කළමනාකරණය පිළිබඳව වන අත්දැකීම් ගැටළුවට විසඳුමක් ලබාගන්නට ඔහු බළාපොරොත්තුවෙන් සිටි බව දැකගත හැකි වෙනවා.


මේ අනුව මේ දක්වා OnePlus India ආයතනයේ වැඩ බැලූ Emily Dai විසින් OnePlus Nord brand එකෙහි වැඩ කටයුතු සිදු කරගෙනු යනු ඇති බව වාර්තා වන නමුත්, Carl Pei තවමත් වෙනත් ආයතනයක සේවය කරන්නේ ද, එසේත් නොමැති නම් ඔහුගේම වෙනත් ආයතනයක් ආරම්භ කරන්නේද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Central වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.