පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පමණ සිට Samsung සමාගම විසින් 2021 වර්ෂයේ Galaxy Note මාදිලියක් නිකුත් නොකරනු ඇති බවට අන්තර්ජාලය පුරාවට ඉඟි පළවූ අතර ඒ පිළිබඳව TechNews.LK කණ්ඩායම ඔබව දැනුවත් කළා මතක ඇති.

2021 වසරේදී Galaxy Note මාදිලියක් නිකුත් කිරීම අතහැරදැමීමට Samsung සමාගම සූදානම් වන ලකුණු
Samsung සමාගමේ ජංගම දුරකථන line-up වලින් හොඳම, එහෙමත් නැතිනම් powerful මsmartphone line-up එක වන්නේ Samsung Note series එක බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ වන විට 2020 වසරට අදාල මෙම series එකේ Note 20 මාදිලි පෙළ දැනටමත් නිකුත් කර ඇතිඅතර එයට විශාල පාරිභෝගික ආකර්ෂණක් ලැබී නොමැති බව ඇතැම් මූලාශ්‍ර පෙන්ව…

අද දින පැවති Samsung සමාගමේ shareholder meeting එක අතරතුරදී Samsung Electronics සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Koh Dong-Jin විසින් ප්‍රකාශ කර සිටියේ Galaxy Note serial එක ඔවුන්ගේ business portfolio එක තුළ high-end series එකක් ලෙස සැළකෙන බවත්, එකම වසරක් තුළ high-end ජංගම දුරකථන මාදිලි ද්විත්වයක් නිකුත් කිරීම තරමක් අසීරු කටයුත්තක් වන බවයි.

මේ නිසාවෙන් මෙම වසරේ දෙවන භාගයේදී Note මාදිලියක් නිකුත් නොකර, එය ලබන වසර දක්වා කල් දැමීමට ඔවුන් බළාපොරොත්තුවෙන් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මෙම කල් දැමීම බොහෝ විට මේ වන විට බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවන ගෝලීය semiconductor හිඟය නිසාවෙන් වියහැකි බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙන නමුත්, Bloomberg වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ Samsung සමාගමට ඔවුන්ගේ Galaxy Note lineup එක සහ එහි ඇතුලත් වන පහසුකම් විධිමත් කිරීම වෙනුවෙන් මෙම තීරණය ගැනීමට පෙළඹී ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.