පසුගිය වසරේ ජූලි මාසයේදී Elon Musk, Barack Obama, Bill Gates මෙන්ම වර්තමාන ඇමෙරිකානු ජනාධිපති වන Joe Biden ඇතුලු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ Twitter ගිණුම් hack කර, ඒ හරහා cryptocurrency scam එකක් සිදු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Apple, Elon Musk, Barack Obama, Bill Gates ඇතුළු ජනප්‍රිය Twitter ගිණුම් රාශියක් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක් වෙයි
Apple, Elon Musk, Barack Obama, Bill Gates ඇතුළු ජනප්‍රිය Twitter ගිණුම් රාශියක්හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක් වූ පුවතක් වාර්ථා වන අතර මෙය cryptocurrency වංචාවක්වෙනුවෙන් සිදු කරනු ලැබූ ප්‍රහාරය් බව දැකගත හැකි වෙනවා. Followers ලා මිලියන ගණනක් සිටින ප්‍රසිද්ධ Twiter ගිණුම් ඉලක්ක කරගෙන ක්‍රියාත්මකවී තිබ…

මෙම ප්‍රහාරය සිදු කර තිබුණේ Twiter ආයතනයේ සේවය කරන්නන් හට භාවිතා කිරීම සඳහා නිර්මාණය කර තිබුනු tool එකක් භාවිතා කරමින් වන අතර, Twitter ඉතිහාසයේ සිදු වූ විශාලතම cyber ප්‍රහාරයක් ලෙස සැළකෙන මෙම ප්‍රහාරය හරහා ඇමෙරිකානු ඩොළර් 100,000 අධික මුදලක් cryptocurrency ‍හරහා වංචා කිරීමට ඇමරිකානු ජාතික Graham Ivan Clark නම් වූ තරුණයා කටයුතු කර තිබුණා.

කෙසේ නමුත් මෙම සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, ඔහුට විරුද්ධව නඩු පැවරීමට ද කටයුතු යෙදුණා.

අත්අඩංගුවට පත් වී දින 229කට අනතුරුව මේ වන විට එම නඩුවෙහි තීන්දුව ලබාදී ඇති අතර, ඔහුට වසර තුනක සිර දඬුවම් නියම කිරීමට අධිකරණය කටයුතු කර තිබෙනවා.

මොහු තවමත් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙකු වන බැවින් දඬුවම ලිහිල් කිරීමට අධිකරණය කටයුතු කර ඇති නමුත් සිර දඬුවම ගෙවන කාලය ඇතුලත බළධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව පරිගණක භාවිතා කිරීමේ හැකියාව ද සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.