WhatsApp වලට හඳුන්වාදුන් අලුත් privacy policy එක නිසාවෙන් පසුගිය මාස කිහිපය තුළ ලොව පුරා WhatsApp පරිශීලකයින් විශාල ප්‍රමාණයක් Signal සහ Telegram සේවාවන් වෙත මාරු වූ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

WhatsApp වෙනුවට මිලියන ගණන් පරිශීලකයන් Telegram හා Signal වැනි සේවාවන් වෙත යොමු වෙමින් සිටින බව නවතම දත්ත මඟින් හෙළි වෙයි
ලොව පුරා අතිශය ජනප්‍රිය හා වැඩිම පිරිසක් භාවිතා කරන WhatsApp සේවාව විසින්පෙබරවාරි 8 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අලුත්ම terms and conditionsපිළිබඳව අපි TechNews.LK පාඨක ඔබව මීට පෙර දැනුවත් කළ අතර මේ වන විට මේ සම්බන්ධයෙන්ලොව පුරා අතිවිශාල කතාබහක් ඇති වී තිබෙනවා. Facebook සමඟ ඔබගේ WhatsApp …

කොහොම නමුත් මේ වන විට චීන රජය විසින් මෙම Signal සේවාව චීනය තුළ භාවිතා කළ නොහැකි වන ලෙස අවහිර කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

චීනයට අදාල Apple App Store එක හරහා මෙම app එක තවමත් download කරගැනීමේ හැකියාව තිබුණත්, චීනයේ ඇති Great Firewall එක හරහා මෙම app එක මගින් සිදු කරනු ලබන සියළුම සන්නිවේදන කටයුතු අවහිර කර ඇති බව TechCrunch වෙබ් අඩවිය වාර්තා ‍කරනවා.

මීට අමතරව පසුගිය මාර්තු 15 වැනි දින සිට Signal සේවාවේ නිළ වෙබ් අඩවිය ද මේ ආකාරයෙන් අවහිර කර දැමීමට චීන රජය කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් චීනය තුළ බොහෝ දෙනා WhatsApp සේවාව භාවිතා නොකරන බැවින් ඔවුන් දැනට භාවිතා කරන WeChat සේවාව සමඟින් බිලියන 1.1ක පමණ පිරිසක් එකතු වී සිටින අතර, ඒ සමඟින් සැසඳීමේදී Telegram සහ Signal සමඟින් සිටින චීන පරිශීලකයින් ප්‍රමාණය ඉතාමත් කුඩා අගයක් ගන්නවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.