පෞද්ගලිකත්වය යනු අද ලෝකයේ ජීවත්වන වන සෑම මිනිසෙකුටම පොදු වූ මෙන්ම ඉතාමත් වැදගත් දෙයක් වන අතර ඔබ මීට පෙර යම් යම් අවස්ථා වලදී මෙම Tor web browser එක පිළිබඳව තොරතුරු දැන සිටින්නට ‍පුළුවනි.

බොහෝ දුරට මෙම Tor බ්‍රවුසරය මගින් අපට අන්තර්ජාලයේ යා නොහැකි පැතිකඩකට, එනම් dark web එකට වුව ද තම අනන්‍යතාවය (යම් තරමක් දුරට) රැකගනිමින් ගමන් කිරීමේ හැකියාවක් ඇත. The Onion Router යන නාමය කෙටි කර Tor යනුවෙන් හඳුන්වන මෙය අද වන වන විට ඉතාමත් ජනප්‍රිය වී තිබෙන්නේ එයටම අනන්‍යය වූ Tor Network එක මෙන්ම තවත් ආරක්ෂිත උපක්‍රම ගණනාවකින් සමන්විත වී තිබීම නිසාවෙනි.

මෙහි අරමුණ නම් අන්තර්ජාලය පරිශීලනය කරන පුද්ගලයින්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන නිර්නාමිකව අන්තර්ජාලය තුල තුළ සැරිසැරීමට ඉඩ සැලැස්වීමයි. මේ web browser එක ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සඳහා නිල වශයෙන් පළමු නිකුත් කිරීම 2019 වර්ෂයේදී සිදු වර්ෂයේ දී සිදු කිරීමට නියමිත වන අතර මේ වන විට එහි alpha version එකක් download කරගැනීමට හැකියාව ලබා දී තිබෙනවා.

මේ Tor Browser එකෙහි ඇති විශේෂාංග කිහිපයක් පහත දැක් වේ

BLOCK TRACKERS
Tor Browser එක මඟින් ඔබ යන වෙබ් අඩවි වෙනත් පාර්ශවයන් විසින් track කිරීම නවතාලනු ලබනවා. මේ අනුව අදාල වෙබ් අඩවි වලින් ඔබේ Browser එකේ save කරනු ලබන cookies, වෙබ් අඩවිය නරඹා අවසන් වූ විටදී ඉබේම ඉවත් කිරීමට සැකසුම් කර තිබෙනවා.
DEFEND AGAINST SURVEILLANCE
මේ වෙනකොට ඔයා යන වෙබ්සයිට් හැම එකක්ම මොනවද කියලා service provider ට පේනවා කියලා ඔයා දන්නවා ඇතිනේ. ඉතින් ඔයා Tor Browser එක භාවිතා කරනවා නම්, ISP ට විතරක් නෙවෙයි, වෙනත් ඕනම කෙනෙකුට ඔයා යන වෙබ් අඩවි මොනවද කියලා බලාගන්න විදිහක් නැහැ. ඒ හැමෝමට පේන්නේ ඔයා Tor Browser එක භාවිතා කරනවා කියලා විතරයි.
RESIST FINGERPRINTING
ගොඩක් වෙලාවට අපි අන්තර්ජාලය භාවිතා කරන විට Google, Facebook වගේ ආයතන අප කවුද කියලා හොඳටම දන්නවා. අපි ඒ වෙබ් අඩවි වලට ගියේ නැතත්, වෙනත් වෙබ් අඩවි විසින් අදාල සමාගම් වල සේවා භාවිතා කිරීම නිසාවෙන් මේ විදිහේ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් ඔයා Tor Browser එක භාවිතා කරනවා නම්, ඔයාගේ browser එක, device එකේ තොරතුරු වගේ දේවල් වෙන අයට බලාගන්න විදිහක් නැහැ. Tor භාවිතා කරන හැම user කෙනෙක්ම එක වගේ තමයි පිට කෙනෙකුට පේන්නේ. ඉතින් මේ ඉන්නේ හරියටම ඔයා කියලා වෙන කාටවත් අඳුනගන්න බැහැ.
MULTI-LAYERED ENCRYPTION
ඒ වගේම ඔයා මේ Tor Browser එක භාවිතා කරනවා නම් ස්වේච්ඡාවෙන් දායකත්වය ලබා දෙන දහස් ගණනක් පරිඝනක වලින් නිර්මාණය වුණු network එකක් හරහා තැන් කිහිපයකින් ගිහින් තමයි ඔයා අන්තර්ජාලයට පිවිසෙන්නේ. මේ network එක ඇතුලේ ඔයාගේ දත්ත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් Tor network එකට ඇතුල් වෙන්න කලින් තුන් වරක් Encrypt කරනු ලබනවා.
BROWSE FREELY
මතක ඇති ලංකාවේ Facebook තහනම් කළා කාලයක්. ඒ වගේම චීනය වැනි රටවල් වල අන්තර්ජාලය බොහොම තද විදිහට වාරණය කරනවා කියලත් මේ වෙනකොට දන්නවා ඇති. අන්න ඒ වගේ වාරණයන් වලට අහු නොවී, අන්තර්ජාලයේ ඇති ඕනෑම වෙබ් අඩවියකට යන්න මේ Tor Browser එක හරහා අවස්ථාව ලැබෙනවා.

Download Tor Browser on Google Play