ලොව විශාලතම විද්‍යුත් වාණිජ්‍ය සමාගමක් වන Alibaba හි සම අයිතිකරු හා ප්‍රධානී වූ ජැක් මා (Jack Ma) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ව්‍යාපාර කටයුතු වලින් වෙන්ව අධ්‍යාපනය සදහා තම කාළය වෙන් කිරීමට තීරණය කළ බවයී.

Jack Ma

ඔහුගේ ප්‍රකෝටිපති ගමන ආරම්භ කිරීමට පෙර ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කර තිබෙන අතර 1999 දී Alibaba සමාගම ආරම්භ කර අද වන විට එය බිලියන ගනණක වටිනාකමක් උසුලන ව්‍යාපාරයක් බවට පත් කිරීමට ඔහු සමත් වී තිබෙනවා. ජැක් මා අද වන විට ලොව 20 වන ධනවත්ම පුද්ගලයා බවට පත් ව තියෙනවා. එසේම චීනයේ ධනවත්ම පුද්ගලයා බවටද හදුන්වා තිබෙනවා.

වර්තමානය වනවිට ඔහුගේ සහ ව්‍යාපාරයේ මුලු වටිනාකම ඇ.ඩො. බිලියන 420.8ක් ලෙස දක්වා තිබෙන අතර ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඔහු තම 54 වන උපන්දිනයේදී ව්‍යාපාර ලෝකයෙන් විශ්‍රාම ගන්නා බවත්, මෙය ඔහුගේ ගමනේ නව යුගයක ආරම්භය බවත්ය. තවද ඔහු පවසා ඇත්තේ තමන්ට Microsoft සමාගමේ හිමිකරු බිල් ගේට්ස් ගේ මාර්ගයේ ගමන් කරමින් ආධ්‍යාත්මය වැඩි දියුණු කරගැනිමේ ව්‍යායාම වල නිරත වීමට අවශ්‍ය බවයි.

Bill Gates with Jack Ma

"මට බිල් ගේට්ස් ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. මට කවදාවත් ඔහුගේ තරමට පෝසත් වෙන්න බැහැ. හැබැයි මට එයා වගේ කලින් විශ්‍රාම ගන්න පුලුවන්. ලඟදීම දවසක ගුරු වෘත්තියට පිවිසෙන්න මං බලාපොරොත්තු වෙනවා", තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.