ලෝකයේ රටවල් 158ක් පමණ ඉලක්ක කරගෙන මෑත ඉතිහසයේ සිදුවුණ මහාපරිමාණ සයිබර් ප්‍රහාරය Wannacry රැන්සම්වෙයාර් වර්ගයේ වෛරසය හරහා සිදුවුණා.

එම වෛරසය නිර්මාණය කළ පුද්ගලයා ලෙසින් උතුරු කොරියනු ජාතික Park Jin Hyok හදුනාගෙන තිබෙන අතර උතුරු කොරියාව යනු ලෝකයේ සෑම විශාල ප්‍රමාණයක් ඉලක්ක කරගෙන දිනපතා සයිබර් ප්‍රහාරයන් එල්ල කරන රටක්.

මෙම රෑන්සම්වෙයාර් වෛරසය නිර්මණය කිරීමෙන් ඔහුගේ පළමු ඉලක්කය වුයේ ඇමෙරිකාවේ National Health Service (NHS) ආයතනයයි. ඉන් අනතුරුව මෙම වෛරසයන් ඉතාමත් සුළු කාලයකදී රටවල් රැසකට පැතිරී ගියා.

එහිදී එම එක් පරිගණකයකින් මෙම වෛරසය ඉවත් කිරීමට $300ක මුදලක් ඔහු ඉල්ලා සිටි අතර රෑන්සම්වෙයාර් කාණ්ඩයේ වෛරස් වල විශේෂත්වය වන්නේ වෛරසය ඉවත් කිරීමට මුදල් ඉල්ලා සිටීමයි.

2014 වසරේදී Sony Corporation ආයතනය ඉලක්ක කරගෙන එල්ල වූ සයිබර් ප්‍රහාරයටද මෙම පුද්ගලයාද සම්බන්ධ වී ඇති අතර එයින් Sony Corporation එකට සිදුවූ පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 81ක්.

කෙසේ නමුත් මෙම සයිබර් ප්‍රහාරයන් දෙකෙන්ම සිදුවූ අලාභය කොපමණද යන්න ගණනය කර මෙම පුද්ගලයාට සහ උතුරු කොරියානු රජයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට US Department of Justice නිවේදනය කරනවා.