1990 වර්ෂයේ Microsoft සමාගම විසින් ඔවුන්ගේ Windows මෙහෙයුම් පද්ධතියේ 3.0 වැනි සංස්කරණය සමඟින් ලොවට හඳුන්වා දුන් File Manager program එක ඔන්න දැන් Windows 10 වලටත් ලබා දීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මේ App එක UWP, එහෙමත් නැතිනම් Universal Windows Platform (UWP) app එකක් විදිහට Microsoft Store එක හරහා නිකුත් කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර මේ project එක 2018 වර්ෂයේදී open-source කිරීමට Microsoft සමාගම කටයුතු කළා.

මේ අනුව මේ අලුත් (පැරණි) Windows File Manager App එක PC, Mobile, Surface Hub සහ HoloLens යන Windows 10 මගින් බළගැන්වෙන devices වලදී භාවිතා කිරීමේ අවස්ථාව Windows 10 පරිශීලකයන් හට ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම වුණත් මෙහි system requirements වල පෙන්වන ආකාරයට මේ App එක හරි හැටි ක්‍රියාත්මක වීමට නම් Windows 10, 16,299 build එක අවශ්‍යය බව සඳහන් වන අතර දැනටමත් ඔබ දන්නවා ඇති Windows Mobile සඳහා ලැබුණු අවසාන build එක 15,254 බව.

ඉතින් ඔබ දැනගත යුතු දෙයක් වන්නේ මේ App එක එදිනෙදා කටයුතු සිදු කිරීමට නම් මේ වන විට නොගැලපෙන නමුත් පරිගණක භාවිතා කිරීමට අලුත් පිරිසට මේ දේවල් පටන් ගන්නා විට තිබුණු ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා MS Power User වෙබ් අඩවිය භාවිතා කළ හැකි අතර මෙය Download කරගැනීමට Microsoft Store එක භාවිතා කළ හැක.