YouTube මෙන්ම අප එදිනෙදා භාවිතා කරනු ලබන සමාජජාල සේවාවන් බොහෝමයක් හරහා Fake News, එහෙමත් නැතිනම් බොරු ප්‍රචාරයන් ඉතාමත් ඉක්මණින් පැතිරී යනවා ඔබ දැක ඇති.

ඔන්න දැන්, මේ ආකාරයේ ව්‍යාජ පුවත් ගැන ඇත්ත තත්ත්වය තම පරිශීලකයන් හට පෙන්වා දීමට YouTube ආයතනය විසින් අලුත් පහසුකමක් හඳුන්වා දීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා.

මේ අනුව සැක කටයුතු යමක් ගැන YouTube මත search කිරීමේදී information panel එකක් හරහා ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් මෙන්ම වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අවශ්‍යය වන link ඇතුලත් කිරීමට ද මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ වෙනුවෙන් තොරතුරු ලබා ගැනීම සඳහා විවිධ ආකාරයේ trusted sources, එහෙමත් නැතිනම් විශ්වාසනීය මූලාශ්‍රයන් මෙන්ම අදාල සිදුවීම් ගැන තොරතුරු ඇතුලත් Wikipedia pages ද භාවිතා කරන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කොහොම නමුත් මෙම පහසුකම තවමත් ඉන්දියාව ආශ්‍රිතව සුළු පරිශීලකයන් පිරිසක් හරහා අත්හදා බළමින් සිටින අතර නුදුරු අනාගතයේදී සියළුම YouTube පරිශීලකයන් හට ලබා දීමට කටයුතු කෙරෙනු ඇති බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය හා Buzzfeednews වෙබ් අඩවිය භාවිතා කළ හැක.