HMD Global කියන්නේ පැරණි Nokia සමාගමේ සේවය කළ සේවකයන් පිරිසක් විසින් පිහිටුවාගත් සමාගමක් වන අතර Microsoft සමාගම Nokia වෙළඳ සන්නාමය අතහැර දැමීමෙන් පසුව එය ලබා ගනිමින් Nokia brand එක යටතේ අලුත් ජංගම දුරකථන වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ අනුව low-end ජංගම දුරකථන වල සිට high-end ජංගම දුරකථන දක්වා විවිධ මාදිලියේ ජංගම Nokia ජංගම දුරකථන මේ වන විට වෙළඳපොලේ දකින්නට ලැබෙන අතර, Nokia 2 කියන්නේ මේ අතරින්, එහි අඩු මිළ නිසාවෙන්ම ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ ජංගම දුරකථනයක් වෙනවා.

මේ Nokia 2 ජංගම දුරකථනය Qualcomm Snapdragon 212 SoC සහ 4,100mAh capacity එකකින් යුතු battery එකකින් බළගැන්වෙන අතර 1GB RAM එකකින් සමන්විත වෙනවා.

මූලිකව මෙය Android 7.0 සමඟින් වෙළඳපොලට නිකුත් කිරීමට මොවුන් කටයුතු කළ අතර Google සමාගම විසින් Android 8.0 වල සිට 1GB හෝ ඊට අඩු RAM එකක් සහිත devices වලට Android GO program එක දියත් කිරීම නිසාවෙන්, Android Go නොවන සාමාන්‍යය Android මෙහෙයුම් පද්ධතියෙහි කටයුතු සිදු කිරීම සඳහා ටිකක් වැඩිපුර RAM එක භාවිතා කරන්නට කටයුතු කර තිබුණා.

ඉතින් HMD Global සමාගමට මේ Nokia 2 එකට Oreo update එක ලබා දීමේදී මෙහිදී මුහුණ පෑමට සිදු වූ ගැටළුව නම්, සාමාන්‍යය Android Oreo update එක ලබා දුනහොත්, Phone එකේ RAM එක අඩු නිසා performance වල අඩු වීමක් ‍බළාපොරොත්තු වීමට සිදු වීමත්, Android GO මෙහෙයුම් පද්ධතියෙහි user experience එක සතුටුදායක මට්ටමක නොමැති නිසා, ඒ හරහා තම පාරිභෝගිකයන්ගේ සිත බිඳී යාමත් යන කරුණු දෙකයි.

මේ අනුව Qualcomm සමාගම සහ Google සමාගම සමඟ එකතු වී Nokia 2 එකෙහි තිබෙන hardware වලට හැකි උපරිම අයුරින් optimize කරන ලද (Android Go නොවන) සම්පූර්ණ Android 8.1 update එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.

Nokia 2 ජංගම දුරකථන භාවිතා කරන්නන් කැමති නම් පමණක් මේ අලුත් update එක ලබා ගැනීමේ හැකියාව ලබා දීමට HMD Global ආයතනය තීරණය කර ඇති අතර, රටවල් කිහිපයකට මෙය කිසිසේත්ම ලබා නොදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

කොහොම වුණත්, ඒ රටවල් අතර ශ්‍රී ලංකාව නොමැති අතර ඔබත් Nokia 2 ජංගම දුරකථනයක හිමිකරුවෙකු නම්, මේ update එක ලබා ගැනීම සඳහා මේ වෙනුවෙන් නිර්මාණය කර ඇති වෙබ් පිටුව භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

කොහොම වුණත් මේ update එක සිදු කිරීමෙන් පසුව තම ජංගම දුරකථනය භාවිතා කිරීමට අකමැති නම්, එය නැවත ලබා දී ඒ වෙනුවට වෙනත් ජංගම දුරකථනයක් ලබාගතහැකි වැඩපිළිවෙලක් ද මොවුන් විසින් සූදානම් කර තිබෙනවා. (නමුත් මෙය ශ්‍රී ලංකාවේ නම් ක්‍රියාත්මක වන බවක් මේ දක්වා අපට වාර්ථා වී නැහැ).

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා නිළ Nokia වෙබ් අඩවිය භාවිතා කළ හැක.