Bracelet එකක් හෝ finger ring එකක් ලෙස පැලැඳිය හැකි thermoelectric generator එකක් මගින් මිනිස් සිරුරේ උෂ්ණත්වය, බැටරි ආරෝපණ කළ හැකි විද්‍යුත් ශක්තියක් බවට පරිවර්තනය කළ හැකි බව කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම තාක්ෂණය ඔස්සේ අප පළඳින සාමාන්‍ය electronic wearable devices එනම් Smart watch, fitnes tracker ආදියෙහි බැටරි ආරෝපණය කර ගැනීමට හැකියාව ලැබෙන බව පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා.

මනුෂ්‍ය ශරීරයේ සෑම වර්ග සෙන්ටිමීටරයකින්ම Volt 1 ක ශක්තියක් නිපදවීමට මෙම thermoelectric generator එක සමත් වෙන අතර එලෙස නිෂ්පාදනය කරගන්නා විදුලිය මෙවැනි wearable devices ආරෝපණය කිරීම සඳහා ප්‍රමාණවත් වන බව මොවුන් විශ්වාසය පළ කරනවා.

දැනට භාවිතා කරන තාක්ෂණයට අනුව Smart watch හෝ fitness tracker වල බැටරි කෝශයක් අන්තර්ගත කල යුතු අතර එය නිරන්තරයෙනම ආරෝපණය කිරීමට අවශ්‍ය වන අතර, බැටරියෙහි ආයු කාලය අවසන් වූ පසු එය replace කිරීමටද අවශ්‍ය වෙනවා.

නමුත් මෙම තාක්ෂණය ඔස්සේ මෙවැනි device සඳහා බැටරි කෝෂ ඇතුලත් කිරීම අවශ්‍ය නොවනු ඇති අතර, device එකට අවශ්‍ය ශක්තිය මෙම thermoelectric generator එක මඟින් අඛණ්ඩව ලබාදෙනු ඇති.

පර්යේෂකයන් අනාවැකි පළ කරන්නේ නිර්මාණයේ ඇතැම් සම්බන්ධතා සකස් කිරීමෙන් පසු වසර 5 ක් හෝ 10 ක් තුළ උපාංගය වෙළඳපොල වෙත නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Colorado Boulder විශ්වවිද්‍යාලයේ නිළ blog අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.