‍මේ දක්වා Twitter හරහා මුදල් සෘජුවම මුදල් ඉපැයීමේ හැකියාවක් ‍ලබාදී නොමැති නමුත් ඉදිරියේදී මෙම තත්ත්වය වෙනස් කරමින්, Twitter platform එක හරහා content create කරන්නන් හට සෘජුවම මුදල් ඉපැයීමේ හැකියාව ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මේ පහසුකම Super Follows යන නමින් හඳුන්වනු ලබන අතර, Patreon සහ YouTube membership subscription වල ඇති ආකාරයට, මුදල් ගෙවා විශේෂ content නැරඹීමේ හැකියාව ලබාදෙන පහසුකමක් පරිශීලකයින් හට ලබාදෙනු ලබනවා.

මේ අනුව තමන්ගේ follower වරුන් හට special content නිකුත් කිරීමේ හැකියාව Twitter පරිශීලකයින් හට ලබාදෙනු ලබනු ඇති අතර, මෙම content නැරඹීමට නම් නියම කරන ලද යම්කිසි මුදලක් ගෙවීමට අදාල follower වරුන් හට සිදු වෙනවා.

විශේෂයෙන්ම Patreon වැනි platform හරහා සිදු වන ක්‍රියාවලියට සමානවම ක්‍රියාත්මක වෙන මෙම පහසුකම හරහා අදාල මුදල් ගෙවන පරිශීලකයින් හට පමණක් වෙන් වුණු newsletters යැවීමේ හැකියාව, තමන්ගේ products සඳහා discounts ලබාදීමේ හැකියාව සහ එම පුද්ගලයින් හට විශේෂිත වූ badge එකක් ලබාදීම ඇතුළු තවත් විශේෂ පහසුකම් ලබාදී‍මට හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

Patreon වලදී මෙන්ම මෙම Super Follows පහසුකම භාවිතා කිරීමේදී ලබාදෙනු ලබන මුදල් වලින් කොටසක් Twitter සමාගම විසින් අයකර ගැනීමට කටයුතු කරනු ලබන අතර  ඉතිරි මුදල අදාල content owner හට ලබාගත හැකි වෙනවා.

මීට අමතරව Facebook Groups වලට සමාන Communities නම් වූ තවත් පහසුකමක් හඳුන්වාදීමට නියමිත වන අතර මේ හරහා group නිර්මාණය කර යම්කිසි මාතෘකාවකට අයත් වන පිරිසක් එකට එකතු කරගෙන එම පිරිස ඉලක්ක කරගෙන tweets පළ කිරීමේ හැකියාව ලැබෙනවා.

මෙම පහසුකම් පිළිබඳව තොරතුරු හෙළි කිරීමට Twitter සමාගම කටයුතු කරනු ලැබුවත්, තවමත් මේ පහසුකම් පරිශීලකයින් හට නිකුත් කරනු ලබන දිනයක් පිළිබඳව නිළ වශයෙන් නිවේදනය කිරීමට ඔවුන් කටයුතු කර නැහැ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.