ලෝකය පුරා සංචාරය කරන කාලය හමාර කරමින් ඔන්න දැන් සංචාරක ව්‍යාපාරය ලෝකයෙන් පිටතටත් විහිදිලා යන්න පටන් අරගෙන තියනවා.

Blue Origin කියන ආයතනය විසින් space tourism එහෙමත් නැතිනම් අභ්‍යාවකාශ සංචාරය සඳහා නිෂ්පාදනය කරනු ලබන ඔවුන්ගේ නවතම rocket එක තමයි මේ New Shepard කියන්නේ. මේ rocket එක හරහා රැගෙන යන capsule එකක් හරහා වරකට පුද්ගලයින් 6 දෙනෙකුට මේ සංචාරය සඳහා එකතු වීමට අවස්ථාව ලැබෙනවා.

new-shepard-interior-cabin-techie

Re-usable rocket කිවුවොත් අපිට නිතැතින්ම මතකයට එන්නේ SpaceX ආයතනයේ නිෂ්පාදනය කරන rocket ගැනයි. නමුත් මේ New Shepard කියන්නෙත් සම්පූර්ණ වශයෙන්ම reusable එහෙමත් නැතිනම් නැවත භාවිතා කිරීමට හැකියාව ඇති rocket එකක්.

ඒ වගේම මේ වෙන විට මෙය 8 වරක් සාර්ථකව පරීක්ෂා කර බලා ඇති අතර 2015 වර්ශය වන විට සාර්ථකව පොලොව මතට මෘදු ගොඩ බැසීමක් (soft landing) කිරීමට හැකියාව ලද පළමු rocket එකත් මෙය වනවා.

new-shepard-beyond-your-flight-techie

මේ rocket එක අයිති වෙන්නේ Blue Origin කියන ආයතනයට වන අතර එම ආයතනය ආරම්භ කර තිබෙන්නේ අපි කවුරුත් දන්න කියන Amazon ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම 2017 වර්ශයේ ලොව ධනවත්ම පුද්ගලයා වූ Jeff Bezos විසිනුයි.

කෙහොම වුණත් වාර්ථා වන විදිහට මේ rocket එකේ යන්න නම් ලබාගතයුතු ticket එකක මිළ අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 200,000 ත් 300,000 ත් අතර ගණනක් විය හැකි පැවසෙනවා.

ඒ වගේම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන blueorigin.com එකට පිවිසිමෙන් මේ tour package එක ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.