Netflix සේවාව මේ වන විට ලොව පුරා ඉතාමත් ජනප්‍රිය video streaming සේවාවක් වන අතර විශේෂයෙන්ම පසුගිය COVID-19 වසංගත කාලය තුළ මෙය අතිශයින්ම ප්‍රයෝජනවත් සේවාවක් වුණා.

ඔන්න දැන් මේ Netflix සේවාව විසින් ප්‍රසිද්ධ චිත්‍රපට සහ TV Series කිහිපයක් කිසිඳු subscription එකක් නොමැතිව නොමිළයේ නැරඹීමේ හැකියාව ලබාදීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

Watch Free TV Shows and Movies | Watch Netflix for Free
Netflix shows and movies have everything you’re looking for–from comedies to sci-fi, dramas to documentaries and so much more. Sample some of our favorites now for free.
Netflix Watch free page එක

එමෙන්ම මෙම නොමිලයේ ලබාදෙන චිත්‍රපට සහ episodes සියල්ලක්ම ලොව පුරා ඕනෑම රටක සිටින පරිශීලකයෙකු හට නැරඹීමේ හැකියාව ලබාදී ඇති අතර පහත දැක්වෙන movies සහ series ඒ අතරට ඇතුලත් වෙනවා.

  • Stranger Things
  • Murder Mystery
  • Elite
  • The Boss Baby: Back in Business
  • Bird Box
  • When they See Us
  • Love is Blind
  • The Two Popes
  • Our Planet
  • Grace and Frankie

මේ අතරින් movies සම්පූර්ණයෙන්ම නැරඹිය හැකි වුවත්, TV series වල පළමුවැනි episode එක පමණක් නොමිලයේ බැලිය හැකි ලෙස සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම සේවාව ඕනෑම පරිගණයකින් හෝ ඕනෑම Android device එකකින් නැරඹීය හැකි වන නමුත් iOS Browsers සඳහා සහාය නොදක්වන බව මේ පිළිබඳව වන Netflix support page එකේ සඳහන් කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Netflix support page එක, The Verge වෙබ් අඩවිය සහ Gadget 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.