මෙම වසරේ පෙබරවාරි මාසයේදී Microsoft සමාගම විසින් ඔවුන්ගේ Defender මෘදුකාංගය iOS සහ Android පරිශීලකයින් හට ලබාදීමට සූදානමින් සිටින බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Defender antivirus මෘදුකාංගය Android සහ iOS වලට හඳුන්වාදීමට Microsoft සමාගම සූදානම් වෙයි
Microsoft සමාගමේ Defender ‍antivirus එක Windows මෙහෙයුම් පද්ධතියෙන් ඔබ්බට ගෙනගොස් Android සහ iOS වලට හඳුන්වාදීමට සූදානම් වන බව මේ වන විට වාර්ථා වෙනවා. පසුගිය දින වල Windows Defender Advanced Threat Protection නමින් තිබුණු මේantivirus එක, Microsoft Defender Advanced Threat Protection ලෙස වෙනස් කිර…

එමෙන්ම මෙම වසරේ ජුනි මාසය වන විට Android පරිශීලකයින් හට මෙහි preview සංස්කරණයක් ලබාගැනීමේ හැකියාව ලබාදීමට කටයුතු කළ නමුත්, Google Play Store එකට ඇතුලත් කර නොතිබූ මේ app එක download කරගැනීම සඳහා ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ගොස් උපදෙස් මාලාවක් අනුගමනය කළ යුතු වුණා.

Microsoft සමාගමේ නව Defender antivirus මෘදුකාංගයෙහි preview සංස්කරණයක් Android සඳහා නිකුත් කරයි
Microsoft සමාගම විසින් සිය Defender antivirus මෘදුකාංගය Android සහ iOS වලටහඳුන්වාදීමට සූදානම් වන බව අප මින් පෙර ලිපියකින් ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනුලැබුවා. Defender antivirus මෘදුකාංගය Android සහ iOS වලට හඳුන්වාදීමට Microsoft සමාගමසූදානම් වෙයිMicrosoft සමාගමේ Defender ‍antivirus එක Windows ම…

‍මෙම වසරේ අග වන විට සාමාන්‍යය පරිශීලකයින් හට මේ app එක නිකුත් කිරීමට Microsoft සමාගම බළාපොරොත්තු වන අතර මේ වන විට පියවරක් ඉදිරියට තබා මෙය preview සංස්කරණයක් ලෙසින් Google Play Store එකට එකතු කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

Microsoft Defender ATP Preview - Apps on Google Play
This app is not a free app and is for business/enterprise users only who have a valid Microsoft 365 E5 license assigned to them. Microsoft Defender Advanced Threat Protection (ATP) helps enterprise users stay protected from cyber security threats such as malicious apps, dangerous web sites that may …

Microsoft Defender ATP Preview ලෙස හැඳින්වෙන මේ app එක හරහා APK files scan කිරීම, අනෙකුත් files හරහා සිදු විය හැකි අනතුරු මෙන්ම messaging apps වැනි දෑ හරහා එවනු ලබන phishing link වැනි දෑ හරහා සිදු විය හැකි අනතුරු ද වැලැක්වීමට කටයුතු කරනු ලබන බව Microsoft සමාගම පෙන්වා දෙනවා.

මීට පෙර ලිපියකින් සඳහන් කළ ආකාරයට මෙම app එක ඉලක්ක කර සිටින්නේ Microsoft සමාගමේ enterprise සේවාවන් භාවිතා කරනු ලබන පරිශීලකයින් පමණක් වන අතර මෙය භාවිතා කිරීමට Microsoft 365 E5 license එකක් අවශ්‍යය වෙනවා.

Android 6 හෝ ඉන් පසුව නිකුත් කරනු ලැබූ Android සංස්කරණයක් භාවිතා කරන්නේ නම් සහ Microsoft 365 E5 license එකක් ඇත්නම්, මේ වන විට මේ app එක Google Play Store එක හරහා download කරගෙන භාවිතා කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.